Skip to main content

Posts

ඇදුරෙකුවූ ගුරුවරයා

සත්‍ය රස ගුප්ත විද්‍යා කතාවකි විවාහය කැඩීමට පවුලේ අයම කළ හූනියම ඔහු ගුප්ත විද්‍යා ඇඳුරෙකු බවට පසු කල පත් කරයි. උපාධිය සමත් වූ පසු උපාධි උප ගුරුවරයෙකු ලෙසින් මට දුෂ්කර සේවය සඳහා ගලේවෙල මහා විද්‍යාලයට ස්‌ථාන මාරුවක්‌ ලැබිණි. එය වියළි කලාපයේ මායිමේ ඉතා ජනාකීර්ණ අක්‍රමවත් නගරයකි. නවාතැනක්‌ සොයා ගැනීම ඉතා දුෂ්කර විය. විදුහල්පති හා තවත් ගුරුවරු කිහිප දෙනෙක්‌ විදුහල්පති නිවසේ කාමරවල පදිංචිව සිටියහ. විදුහලේ ඉඩ ඇති කුඩා කාමරවල තවත් ගුරුවරු කීප දෙනෙක්‌ නවාතැන් ගත්හ. තවත් තුන් දෙනෙක්‌ සමඟ මා නවාතැන් ගත්තේ සාදා ඉවර වූ එහෙත් විවෘත කර නොතිබූ විද්‍යාගාරයේ කාමරයකය. බාගයක්‌ කළු ගලෙන් බැඳ ඉතිරි භාගය දැල් ගසා තිබූ බිත්තිවලින් හමා එන සුළං ගිනියම් අව්ව නිවාලන සිසිලක්‌ ගෙනෙයි. ඒත් මේ දැල් තුළින් පියාඹා එන මදුරුවන් නිසා රෑට විද්‍යාගාරය එකම මදුරු ගුහාවක්‌ බවට පත් වෙයි. විද්‍යාගාරය අසලම කූඩයක්‌ ලෙස අතු රවුමට විහිද ගිය මයිල ගසකි. වැලි පාරෙන් එහා වැහි වතුර එකතු වූ අපිරිසිදු කුඩා වැවකි. ඒ කෙළවර තල් ගස්‌ පේළියකි. විද්‍යාගාරයේ අප සමඟ අලුතින්ම පදිංචියට එකතු වූයේ මැදිවිය පසු කළ විමලසූරිය මහතාය. කලක්‌ විදුහල්පතිවරයකු ...
Recent posts

නැවියන් මරණයට පත් කළ හොල්මන් නැව

නාවික ඉතිහාසයේ නෞකා සම්බන්ධ ප්‍රකට කතා රාශියක්‌ තිබේ. ඒවා අතරින් බොහොමයක්‌ ඇත්තේ මහ සයුරේ ගිලී ගිය නෞකා ගැනයි. ඒවා එලෙස ගිලී යැමට හේතු වූ කරුණු පැහැදිලිව හඳුනාගෙන තිබුණත් (උදා:- ටයිටැනික්‌ එසේ හඳුනාගත්) සමහර ඒවා ගිලී ගියේ ඇයි දැයි අදටත් අභිරහසකි. එලෙස අද්භූත අන්දමින් ගිලී ගිය අභිරහස්‌ නෞකාවකි එස්‌. එස්‌. ඔරෑන්ග් මේඩාන් (S.S. Ourang Medan) වන්නේ. ඒ 1947 ජුනි මාසයයි. ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් අසල මලක්‌කා සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් සිටි නෞකා කිහිපයකට හදිසි Sධී ආපදා පණිවුඩයක්‌ ලැබෙයි. නැව පිළිබඳ කිසිම හැඳින්වීමක්‌ නැති එම පණිවුඩයෙන් කියෑවෙන්නේ ඇඟ කිලිපොළා යන මෙවන් ප්‍රකාශයකි. "කැප්ටනුයි අනෙක්‌ කට්‌ටියයි මැරුණා. සිරුරු පාලන මැදිරියේ ඇති. දැන් ඔක්‌කොම කට්‌ටිය මැරිලා... මාත් මැරෙනවා" ("All officers including the captain are dead, Lying in Controlroom and bridge Possibly whole Crew dead... I die") මලක්‌කා මුහුදු තීරයේ ගමන් ගත් ඇමරිකානු නෞකා දෙකකට මෙම පණිවුඩය ලැබීමෙන් පසු ඔවුන් වහාම මලක්‌කා මුහුදු තීරය පුරාවටම විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. මේ අතර සිල්වර් ...

දකුණු වැව්ගම්පත්තුවේ යක්ෂ බන්ධන

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් මගින් නොපෙනෙන බලවේග හසුරුවා ඒ මගින් මිනිසුන් බරපතළ ලෙස රෝගී කර හෝ මරා දැමීම ඈත අතීතයේ සමහර ගුරුන්නාන්සේලා විසින් සිදු කරන ලදැයි කියෑවේ. ඒ සඳහා විවිධ ක‍්‍රම භාවිතා කර ඇති බව ඉතිහාසය ගවේෂණය කිරීමේ දී දැක ගන්නට පුළුවන.   අංගම් පිඹීම එහි ප‍්‍රමුඛ කටයුත්තකි. පසු ගිය සති කීපයක් පුරා අප ඒ බව අනාවරණය කළෙමු. ඒ හැරුණු විට තවත් ක‍්‍රමයක් වූයේ යක්‍ෂ බන්ධනයයි. විශ්වයේ සිටිතැයි කියන ඇතැම් යකුන්ට මන්ත‍්‍ර ජප කර ඔවුන්ව බන්ධනය කර ඔවුන්ගේ බල පෑමෙන් මිනිසුන් ලෙඩ කිරීම පමණක් නොව එම ලෙඩ තුළින් ඔවුන්ව මරා දැමීමත් සිදු කරනු ලබයි. මෙහිදී ගුරුන්නාන්සේගේ අතකොළුවක්සේ කටයුතු කරන්නේ විවිධ නම් වලින් පෙනී සිටින යක්‍ෂයින්ය.   මෙලෙස යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්වල ඇතුළාන්තය පරික්‍ෂා කරන විට ඒ හා සබැඳුණු බොහෝ කතා ප‍්‍රවෘත්තීන්ද අපට හමු විය. ඇතැම් ඒවා අපූරු කතා ප‍්‍රවෘත්තීන්ය. තවත් සමහරක් විමතිය දනවන ඒවාය.    මෙලෙස යකුන් බන්ධනය කර මිනිසුන්ට කරදර කිරීම පහළ ඌව ප‍්‍රදේශයෙත් දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවෙත් සුලබව දක්නට ලැබුණු බව ”ඉරිදා ලංකාදීපය” කළ ගවේෂණයේ දී තවදුරටත්...

මැදියමේ යක්කල කැලඹූ ආත්මය

මැදියම් රැයේ යක්‌කල ප්‍රදේශයේ වාරණ පුරාණ රාජ මහා විහාරයට ප්‍රවිශ්ඨ වන නෙල්ලිගහමුල, ගොරකදෙණිය, පිලංකඩ, බෝණෑගල ගම් අතර සැරිසරන රූමතියක්‌ පිළිබඳව මේ දිනවල විවිධ වූ කටකතා පැතිර යමින් පවතී. අදාල ප්‍රදේශයට අයත් පොලිසිය සහ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේද අවධානය මෙකී අද්භූතජනක සිදුවීම් පිළිබඳව අවධානය යොමුවෙමින් පවතින විට අදාල පොලිස්‌ ස්‌ථානය විසින් එකී තරුණියගේ දර්ශනය මිනිසුන් අතර පැතිරීගිය කටකතාවක්‌ ලෙසද යම් පිරිසක්‌ විසින් ඉදිරිsයේ කිරීමට අපේක්‍ෂා කරන යම් අපරාධයකට සුදුසු පසුබිමක්‌ ඇතිකර ගම්වාසීන් බියට පත් කරන්නක්‌ බව ප්‍රසිද්ධ ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණත් යම් ආකාරයක අහඹු කාන්තා රුවක ප්‍රියමනාප මුහුණක්‌ද, විකෘති වූ කාන්තා පිටුපස අවයවයක්‌ද ඇති බවට සැකකරන මෝහිණිය නම් වූ කාන්තාවක්‌ විය හැකි දසුනක්‌ ඇතැම් ගම්වාසීන් හා එමඟ ගමන් ගත් තරුණයන්ට හමුවී ඇති බවද කර ඇති ප්‍රකාශයන් එකිනෙකට පරස්‌පරය. එහෙත් අද වන විට එකී මඟ ගමන් කළා වූ තරුණයන්ට, ත්‍රිවිල් රියදුරන්, යතුරු පැදිකරුවන්ට, රියදුරන්ට ඇය දර්ශනය වී ඇති බව ඇය ගේ දසුනෙන් බියට පත්වූ ඇයගේ රුව දුටු තරුණ පිරිසක්‌ මේ වන විට ඔවුන්ගේ අත්දැකීම් සත්‍ය බව එ...

අවාරයට කොස් වැටීම

මෙය මා කුඩාකළ සිදුවු සිද්ධියක්. අප අවට නිවසක විසූ විල්බට් මාමා කොස් ගසක ගෙඩි කැඩීමට ගොස් ගසින් වැටී මිය ගියා. එම කොස්ගස හැඳින්වූයේ "කොස් පඳුර" යන නමිනුයි. එහි කෙටි කඳකුත් ඉන් වැඩුණු අතු රාශියකුත් ඇති නිසා එ නමින් ව්‍යවහාර උනා. එම ගස තිබූ ඉඩමේ ඝනව වල් බිහිවී තිබුනා. මාමා මිය ගොස් ටික කාලයක් ගතවන විට සැඳෑ කරුවල වැටුණු විට හා හිමිදිරි පාන්දර එම කොස් ගස දෙසින් කොස් වැටෙන හඬ ඇසෙන්නට උනා. එම ඉඩම අප නිවසේ සිට ඉතා ආසන්නව නොවෙතත් පෙනෙන දුරින් පිහිටා තිබුනා. එම දුරින්ම වාගේ තවත් නිවෙස් කිහිපයක් ද පිහිටා තිබුනා. අප කුඩා කළ පරිසරයෙන් ළබා ගත් අත් දැකීම් අනුව ගෙඩියක් වැටීම, සතෙකු ඇවිදීම ආදී වූ ස්වාභාවික දෑ නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාවක් අප සතු උනා. මෙම කොස් වැටීමේ සිද්ධිය වරින් වර සිදු උනා. වැඩිහිටියන් සියළු දෙනාට මෙන්ම මටද එකවර එම ශබ්දය ඇසුනා. එමෙන්ම එය අවට නිවෙස් වළ අයටද එම වෙලාවටම ශබ්දය ඇසී තිබුණා. මා අසා ඇති පරිදි මෙය සිදු වීම පටන්ගත් මුල් කාළයේදී කිහිප දෙනෙකු වරින් වර ගොස් ගස අවට වැටුණු කොස් ඇත්දැයි කිහිප වරක් විපරම් කර බලා තිබුනා. නමුත් කොස් හෝ කොස් ගෙඩි වැටීමේදී පොලවේ ඇති...

මළ පියා පැමින කොන්ඩය කැපීම.

මෙම සිද්ධිය වාර්තාවී ඇතිතේ කුරුවිට ප්‍රදේශයේ කඳන්ගොඩ ජනපදයෙනි. තම පියාගේ මරනයෙන් පසු මාස තුන සම්පූන වූ පසු දියණියට තම මළ පියා හීනෙන් පෙනීමට පටන් ගත්තේය. මෙසේ එක් දිනක පියා පැමින දැරියගේ කනේ තිබූ කරාබු දෙක කොහිදැයි ඇසුවේලු. එවිට එය නැවත සෑදීමට දුන් බව දැරිය ප්‍රකාශ කර ඇත. මෙම පිළිතුර ලැබීමෙන් පසු පියා පියා නොපෙනී ගොස් ඇත. ඉන් ස්වල්ප වේලාවකට පසු පැමිනි පියා දියනියගේ උකුල දක්වා හොඳින් වැඩී තිබුනු කොන්ඩය කපන බව ඇයට දැනී ඇත. එවිට ඇය කෑ ගැසා ඇත. එවිට නිදාසිටි මව අවදිවී කුප්පි ලාම්පුවක් දල්වා කෑ ගසන්නේ ඇයි දැයි ප්‍රශ්න කර ඇත. "මහේ කොන්ඩය තාත්තා කැපුවා" කියමින් ඇය අඬමින් කීවාය. මීට මාස තුනකට පෙර මිය ගිය පියා උඹේ කොන්ඩය කැපීමට පැමිනියේ කෙසේදැයි අසමින් මව ලාම්පුව අල්ලා බැලුවාය. පුදුමයකි දැරියගේ කොන්ඩය කපා ඇය නිදාගත් පැදුරේම පසෙක ගොඩ ගසා ඇති බව දැකීමෙන් මව විමතියට පත්වූවාය. 1995.07.31 දින ලංකාදීප පුවත් පතෙහි පලවූ පුවතක් ඇසුරෙනි.

රන්මලීගේ කතාව

හොල්මන් අවතාරාදිය පිළිබඳව විශ්වාස නොකරන මේ ලියන මම ද මෙයට වසර ගණනකට පෙර ලද සත්‍ය අත්දැකීමක්‌ මෙසේ ලියා තබමි. පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව උසස්‌ පෙළ ප්‍රතිඵලයන් ලැබෙන තුරු අතර කාල පරාශය තුළ වයඹ පළාතේ කැලණිය ධනවත් ව්‍යාපාරිකයකු සතු රජයට පවරා ගැනීමට පෙර අක්‌කර දෙසීයක පොල් වත්තක සරත් කරවිට මහතා යටතේ ආධුනික වතු පාලකයකු ලෙස පුහුණුවීමේ කටයුතුවල යෙදුනෙමි. පොල් වත්ත විශාල වූ හෙයින් අභිමාන ස්‌වභාවයක්‌ දිවා කාලයේදී පැවතුන ද කම්කරු සේවක පිරිස්‌ තැනින් තැන විසිරී සිටි හෙයින් යම් තරමක හෝ පාළු ස්‌වභාවය තුරන්ව තිබිණි. එහෙත් රාත්‍රියේදී වතු පාලක බංගලාවට හැරුන විට එකල විදුලිය ද නොතිබිණි. කළුවර පාළු ස්‌වභාවයක්‌ හෙට දින ඉරු පායන තුරු පැවතුනි. එය වඩාත්ම බලපෑවේ වත්ත කෙළවර පිහිටි පොදු සුසාන භූමිය නිසාවෙනි. වේලාසනින් දල්වන පැට්‍රල්මැක්‌ස්‌ ලාම්පුව ද සුළු වේලාවකින් නිවා දැමීමෙන් පසු දල්වන භූමිතෙල් ලාම්පුව තවත් මූසල ගතිය වැඩි කළේය. මා අසා ඇති ආකාරයට මෙම අක්‌කර දෙසීයක පොල් වත්ත සම්පූර්ණයෙන් ම පෙර කල විදේශිකයකුට අයත් අක්‌කර දහස්‌ ගණනක පෞද්ගලික වත්තක කොටසකි. කාලයාගේ ඇවෑමෙන් වෙන්ව මාගේ කතාවට අයත් අක්‌කර දෙසිය දඟකාර...