Skip to main content

Posts

Showing posts with the label දේශීය වෙදකම

රොබට් නොක්ස් දුටු ලංකාවේ සර්ප වෙදකම

"ඖෂධ පැලෑටි වලින් ලක් වැසියන්ට කිසිම අඩු පාඩුවක් නැත බෙහෙතක් ගතයුතු කල ඔවුන් යා යුත්තේ කැලෑවටය, එහි ඕනෑම බෙහෙතක් ඇත. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැලේ වැවෙන බෙහෙත් පැලෑටි වල කොළ,පොතු,අතු යන මේවා එකතු කර සාදා ගන්නා පත්තු ආලේප වශයෙන් භාවිතා කරති. දුස්සාධ්‍ය වූ නොයෙකුත් රෝග මෙම ඔසු වලින් සුව වන්නේය. " "බොහෝ විට සිංලයන් ඔවුන්ගේ ලෙඩට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්ම වශයෙන් භාවිතා කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා යකැදුරුකම් ය. මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය. මේ රටේ එ සදහා වෙන වෙනම නම් දැරූ විශේෂ වෛද්‍ය වරු හෝ ශල්‍ය වෛද්‍යවරු නැත්තාහ. කශාය බෙහෙත් ගැන සහ කැඩුම් බිදුම් පෑස්සුම් ගැන කොයි කාටත් සාමාන්‍ය පලපුරුද්දක් ඇත්තේය. " "සිංහලයන් සර්ප විෂ බස්වන්නට හා සර්පයන් සපා කැමෙන් වලකින්නට මන්ත්‍ර ගුරුකම් කිරීමෙහි ගජ සමත්තුය. " "රොබට් නොක්ස්" නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් රචනා කරන ලද "නොක්ස් දුටු ලංකාව" යන ග්‍රන්ථය කියවා ඇති අයෙකුට ඉහත උපුටා ගැනීම් අරුමයක් නොවනු ඇත. කන්ද උඩරට රාජධානිය පැවතියේ ඉතා ඈත අතීතයේ නොවේ. ක්‍රි.ව. 1...

දේශීය අස්ථි චිකිත්සාව - විශ්මිත හොරිවිල වෙදකම

අපේකම කියා දුන් හොරිවිල වෙදදුරු (කාංචන කුමාර ආරියදාස) දකුණු අප්‍රිකාවේ බර ඉසිලීමේ ක්‍රීඩකයකුට ඇතිවූ කොන්දේ හා බෙල්ලේ ඇතිවූ ආබාධිත තත්වයක් නොමිලේ සුවකර දීමට දේශීය පාරම්පරික හොරිවිල කැඩුම් බිදුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉදිරිපත් වී සිටියි . මෙසේ සුවය ලබමින් සිටින්නේ ජස්ටින් ශේන්ග්වන් (30) නමැති තරුණයායි. මේ තරුණයා දකුණු අප්‍රිකාවේ දරුණු ලෙස පවතින වර්ගවාදී පිඩනයට හසුවී ඩුබායි වලට පැමිණ සිටියි . කුඩා කාලයේ සිට මළල ක්‍රීඩා කළ ඔහු බර ඉසිලීමේ පුහුණුවීම් තුළදී කොන්ද හා බෙල්ලේ අභ්‍යන්තර ආබාධයකට ලක්ව ඇත. වසර ගණනාවක් විවිධ රට වලින් බටහිර ප්‍රතිකාර ලබා ගෙන ඇත . ඔහු අවසානයේ රෝගී තත්වය නිසා මානසික ආතතියට පත්ව රැකියාවේ පවා ප්‍රශ්න ඇතිවී තිබේ . ඩුබායි හිදී  ශ්‍රි ලංකාවේ මිතුරකු හමුවී මේ තරුණයාට හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ලෙඩ රෝග සුව කරන ආකාරය පිළිබඳව වීඩියෝ පටයක් අන්තර් ජාලය හරහා පෙන්වා ඇත . ඒ අනුව තමන් සේවය කරන ඩුබායි හි පුද්ගලික ආයතනයෙන් යාමට ඒමට ගුවන් ටිකට්පත් වලට මුදල් ඉල්ලා ගත් ජස්ටින් රු 40000ක් මුදලක් සොයාගෙන පසුගිය අප්‍රේල් 17 වැනි දා ලංකාවේ හොරිවිලට පැමිණ ...