Skip to main content

Posts

Showing posts with the label කාලීන

කැමරාවලට හොල්මන පෙනෙන්නේ ඇයි?

හොල්මන්, අවතාර ආදී අදෘශ්‍යමාන බලවේග පිළිබඳව බොහෝ දෙනකු තුළ ඇත්තේ කුතුහලයකි. ඇතැමකු මේවා එකහෙළාම ප‍්‍රතික්ෂේප කරන අතර සමහරු එකහෙළාම පිළිගනිති. එ් අතරම මියගිය පුද්ගලයන්, අවතාර යැයි හැඳින්විය හැකි වෙනත් සේයාවන් සහිත ඡුායාරූප පිළිබඳව ලෝකයේ රටවල් ගණනාවකින්ම වාර්තා වේ. ඇතැම්හු පුණ්‍යකර්මවලට වැඩම කළ දෙවියන්ගේ රූප බව පවසමින් බොඳවූ ලප සහිත ඡුායාරූප ඉදිරිපත් කරති. මේ බොඳ වූ ලප දෙවියන්ය යන්න ඔවුන්ගේ විශ්වාසයයි. මෙවැනි අද්භූත ඡුායාරූපවල ඉතිහාසය ක‍්‍රි.ව. 1891 දක්වා දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. මේ ඡුායාරූප පිළිබඳ විවේචන බොහෝය. එබඳු විවේචකයන් පෙන්වා දෙන පරිදි මේ ඡුායාරූපවල සිටින්නේ අදෘශ්‍යමාන බලවේග නොවේ. කැමරා කාචවල දෝෂ, අඩු කාච ද්වාර වේගයකින් ඡුායාරූප ගැනීම නිසා සිදු වන විකෘති, හිතාම කරන ලද විකෘතිකිරීම් ආදිය එබඳු රූපවලට හේතු බව ඔවුහු පෙන්වා දෙති. එහෙත් එ් ගණයට නොවැටෙන අරුම පුදුම ඡුායාරූපද හමුවී තිබේ. දේවතාවන් යැයි පැවසෙන ආලෝකවත් රවුම්වලට හේතුව කාචවල දුර්වලතා සහ වෙනත් පාරිසරික හේතු යැයි පිළිගැනේ. මෙවැනි ඡුායාරූපවල පෙනී සිටින අද්භූත සේයාවන් මළගියවුන්ද? මළගියවුන් ඡුායාරූපයට නැගිය හැකිද? යන්න...

කිර්ලියන් ආචරණය ( Kirlian Effect ) සහ ඕරාව (Aura)

Well known science is not paranormal 1939 දී රෝහලක  විදුලි කාර්මික ශිල්පියෙකු  ලෙස සේවය කල රුසියානු ජාතික සෙම්යොන් කිර්ලියන් (Semyon Kirlian) භෞතචිකිස්සක යන්ත්‍රයක්  අලුත්වැඩියා කරමින් සිටියදී  ඡායාරූපක තලයක් (photographic plate) මත තබන ලද කාසියකට අධිවෝල්ටීය ධාරාවක් ලබා දීමෙන් රශ්මි මාලාවක්  එම වස්තුවෙන් විහිඳෙන ආකාරය දක්වන ඡායාරූපයක් ලබා ගතහැකි බව අහම්බයකින් නිරීක්ශනය කලේය .  මෙහිදී සිදුව ඇත්තේ  කාසියේ  විද්‍යුත් ආරෝපනයන්  රූපක තෛලෝදය  ( photographic emulsion) හරහා ගමන්කිරීමේදී සිදුවූ විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව  සහ නිදර්ශකය වටා ඇති වායු පටලය අයනීකරණය නිසා වස්තුව වටා රශ්මි ධාරාවක් සේ ජායාරූපය විකසනය කල පසු දක්නට ලැබීමයි. මින් අනතුරුව මෙය පිලිබඳ තම බිරිඳ සමඟ එක්ව තම ගවේෂණය කටයුතු ඔහු අඛණ්ඩව කලේය.  මෙම ආචරණය පාරභෞතික සහ ජීව ශක්තිය ආශ්‍රිත සංසිද්ධියක් ලෙස සැලකීම ඔවුන්ගේ  නිගමනය විය. මෙය  ආශ්‍රයෙන් රෝගී තත්වන් හඳුනාගැනීමට හැකියාවක්  ලැබියහැකි මට්ටමේ නිරීක්ෂණයන්ද  ඔවුන් විසින් සිදුකර තිබීම හේතුවෙන් 19...

ටෙලිපති ගැන තොරතුරු

උපුටා ගැනීම : රිවිර 

අහුපිනි ඇල්ලේ හොල්මන

සැඟවුනු මාරයා -- නොපෙනෙන සත්‍ය preventable medical errors

සැඟවුනු මාරයා -- නොපෙනෙන සත්‍ය -------------------------------------------------- අපේ රටේ මේක ගැන කවුරුත් කතා නොකරන්නෙ ඇයි ?  ඇමෙරිකා එක්සත් ජනපදයේ තුන්වන මාරයා දන්නවද? වෛද්‍යවිද්‍යාව කියන්නෙ මිනිසාගේ පැවැත්මට අත්‍යාවශ්‍ය දෙයක් ... නමුත් මේ ක්ශේත්‍රයේ වෙන අඩුපාඩු හින්ද ඇමරිකා එක්සත් ජනපදයේ පමනක් වාර්ශිකව සිදුවන මරණ සංඛ්‍යාවෙන් තුන්වන මරණ කාරකය බවට පත්වෙලා තියන බව මෑතකදී කරන ලද අද්‍යයනයකින් වෛද්‍ය පර්යේශකයන් පෙන්වා දෙනව ... මේ අතරට වැරදි රෝග විනිශ්චය, ඖශධ සහ ඒ සම්බන්ධ කරුනු , නොසලකාහැරීම් ආදී බොහෝ සාධක ඉවහල් වන බව පැවසේ.. මෙම සියළුම මරණ සිදුවීම මගහැරිය හැකි වැරදි සහ අඩුපාඩු ( preventable medical errors ) පාදකකර සිදුවෙන දේවල් බව සඳහන්...මෙවැනි පර්යේශන වාර්තා නිකුත්වූ පලමු වතාව මෙය නොවන අතර මින් පෙරද වාර්තා ගනණාවක් නිකුත්වී තිබෙනවා. මෙවැනි හේතුවකින් මියයාම මරණ සහතිකයට පවා ඇතුලත් වෙන්නෙ නැහැ.. අද වන විට වෛද්‍ය පර්යේශන පවා අභියෝගයට ලක්වෙලා තියනව නිසිලෙස අනුරූකරනය (replication ) නොවීම සහ පර්යේශන දත්ත විශ්ලේශනය සඳහා නොගැලපෙන සංඛ්‍යාන විද්‍යාතමක ක්‍රම භාවිතය ගැන... වාර්තා ...