Skip to main content

Posts

Showing posts with the label ඕරා

කිර්ලියන් ආචරණය ( Kirlian Effect ) සහ ඕරාව (Aura)

Well known science is not paranormal 1939 දී රෝහලක  විදුලි කාර්මික ශිල්පියෙකු  ලෙස සේවය කල රුසියානු ජාතික සෙම්යොන් කිර්ලියන් (Semyon Kirlian) භෞතචිකිස්සක යන්ත්‍රයක්  අලුත්වැඩියා කරමින් සිටියදී  ඡායාරූපක තලයක් (photographic plate) මත තබන ලද කාසියකට අධිවෝල්ටීය ධාරාවක් ලබා දීමෙන් රශ්මි මාලාවක්  එම වස්තුවෙන් විහිඳෙන ආකාරය දක්වන ඡායාරූපයක් ලබා ගතහැකි බව අහම්බයකින් නිරීක්ශනය කලේය .  මෙහිදී සිදුව ඇත්තේ  කාසියේ  විද්‍යුත් ආරෝපනයන්  රූපක තෛලෝදය  ( photographic emulsion) හරහා ගමන්කිරීමේදී සිදුවූ විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාව  සහ නිදර්ශකය වටා ඇති වායු පටලය අයනීකරණය නිසා වස්තුව වටා රශ්මි ධාරාවක් සේ ජායාරූපය විකසනය කල පසු දක්නට ලැබීමයි. මින් අනතුරුව මෙය පිලිබඳ තම බිරිඳ සමඟ එක්ව තම ගවේෂණය කටයුතු ඔහු අඛණ්ඩව කලේය.  මෙම ආචරණය පාරභෞතික සහ ජීව ශක්තිය ආශ්‍රිත සංසිද්ධියක් ලෙස සැලකීම ඔවුන්ගේ  නිගමනය විය. මෙය  ආශ්‍රයෙන් රෝගී තත්වන් හඳුනාගැනීමට හැකියාවක්  ලැබියහැකි මට්ටමේ නිරීක්ෂණයන්ද  ඔවුන් විසින් සිදුකර තිබීම හේතුවෙන් 19...