Skip to main content

Posts

Showing posts with the label ජ්‍යෝතිෂය

ජ්‍යෝතිෂය නිර්මාණය සහ විකාශනය

ශ්‍රී ලාංකිකයන් වූවද බටහිර විද්‍යාව අදහන නූතන පරපුරේ අප බොහෝ දෙනෙක්‌ අපගේම අතීතය ගැන සිතන්නේ මෙසේය. "දැන් අපි බොහෝ දියුණුවෙමින් සිටිමු. විද්‍යාවේ අනුහසින් බිහිවූ විවිධ ගෘහ භාණ්‌ඩ විසින් ජීවිතය පහසුකරවා තිබේ. අපේ මුතුන් මිත්තෝ නූගතුන් වූහ. ඔවුන් ජීවත් වූයේ ගොවිතැනිනි. බොහෝ ඈත අතීතයේ මෙකල මෙන් කාලගුණ අනාවැකි කීමට තරම් විද්‍යාව දියුණුව තිබුණේ නැත. පසුකලෙක හිරු සහ සඳු ගේ බලපෑම අනුව වර්ෂාව ඇතුළුව කාලගුණය වෙනස්‌ වන බව ඔවුහු දැනගත්හ. අහසේ තරු රටා දැන ඒවායේ හැඩය අනුව සිංහ, වෘෂභ ආදී නම් වලින් එම තරු පංති හැඳින් වූහ. සමහරු ඒවාට දේවත්වයක්‌ ආරෝපණය කළහ. හිරු දෙවියෝ ආදී වශයෙනි. මෑතක්‌ වන තුරුම අපේ මුතුන් මිත්තන් ජීවත් වූයේ ගොවිතැනිනි. පසුකලෙක වෙනත් රටවල බිහිවූ විශිෂ්ට විද්‍යාඥයන්ගේ විවිධ සොයා ගැනීම් නිසා තාරකා විද්‍යාව බිහිවිය. පසුව දුරේක්‍ෂය නිපදවා ගැනීමත් සමඟ විශ්වය නිරීක්‍ෂණය කිරීමට තරම් තාරකා විද්‍යාව දියුණු වී ආවේය. එහි ගෞරවය ගැලිලියෝ ඇතුළු විද්‍යාඥයන්ට හිමි වේ. සුනිල්  කුමාර ගම්ලත් කෑගල්ල