කරදර වුණ අයට ඇස් පනාපිටම පිහිට වෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය මම අසා සිටියෙමි. දස දෙසින් පැමිණි භක්තිවන්තයන් තමන් පැමිණි කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වනු උදෙසා විවිධාකාර වූ පූජාභාණ්ඩද සහිතව දොහොත් මුදුන් තබාගෙන සිටිති. “අප භාග්‍යවත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් වූ බුද්ධාදී රත්නත්‍රය ප්‍රධාන කොට ඇත්තා වූ දෙවියන් වහන්සේලාගේ දේව නාමවල් මුදුන්පත් කරවාගෙන තවද තුන්සිය හැටක් සමයංවලට නායකව යක්ෂසේනාව පිරිවරා ලක්දිවට ගොඩබැස සතර කෝරළය බඩ මනෝරම්‍ය දිව්‍ය විමානයක් කරවා අලුත්නුවර යැයි සිරිලකට අණසක පතුරුවා චිරාත්කාලයක් වැඩ වසන වාහල බණ්ඩාර දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. මේවැනි මේ බලියාග ශාන්තියට දේවාශීර්වාද කොට එවැනි ඒ තේජානුභාව බලයෙන් ආතුරයන්හට පැමිනි ලෙඩ දෝෂ දුරු වී සුබ ශාන්තියක් වේවා” දේව මන්දිරය ඇතුළාන්තයෙන් නැගෙන දෝංකාරය දෙමින් හඬ නැගෙන හඬින් තම තමන් සිත් උඩරටට උරුම මුල් ඇඳුමෙන් සැරසී දකුණත නිල්වන් වේවැලක් දරා සිටින දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන් වහන්සේ වෙත සියල්ලෝම ආකර්ෂණයව බලා සිටිති. වත්පිළිවෙත සිදුකිරීම් අන්...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි