Skip to main content

Posts

Showing posts with the label හොල්මන් කථා

නැවියන් මරණයට පත් කළ හොල්මන් නැව

නාවික ඉතිහාසයේ නෞකා සම්බන්ධ ප්‍රකට කතා රාශියක්‌ තිබේ. ඒවා අතරින් බොහොමයක්‌ ඇත්තේ මහ සයුරේ ගිලී ගිය නෞකා ගැනයි. ඒවා එලෙස ගිලී යැමට හේතු වූ කරුණු පැහැදිලිව හඳුනාගෙන තිබුණත් (උදා:- ටයිටැනික්‌ එසේ හඳුනාගත්) සමහර ඒවා ගිලී ගියේ ඇයි දැයි අදටත් අභිරහසකි. එලෙස අද්භූත අන්දමින් ගිලී ගිය අභිරහස්‌ නෞකාවකි එස්‌. එස්‌. ඔරෑන්ග් මේඩාන් (S.S. Ourang Medan) වන්නේ. ඒ 1947 ජුනි මාසයයි. ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් අසල මලක්‌කා සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් සිටි නෞකා කිහිපයකට හදිසි Sධී ආපදා පණිවුඩයක්‌ ලැබෙයි. නැව පිළිබඳ කිසිම හැඳින්වීමක්‌ නැති එම පණිවුඩයෙන් කියෑවෙන්නේ ඇඟ කිලිපොළා යන මෙවන් ප්‍රකාශයකි. "කැප්ටනුයි අනෙක්‌ කට්‌ටියයි මැරුණා. සිරුරු පාලන මැදිරියේ ඇති. දැන් ඔක්‌කොම කට්‌ටිය මැරිලා... මාත් මැරෙනවා" ("All officers including the captain are dead, Lying in Controlroom and bridge Possibly whole Crew dead... I die") මලක්‌කා මුහුදු තීරයේ ගමන් ගත් ඇමරිකානු නෞකා දෙකකට මෙම පණිවුඩය ලැබීමෙන් පසු ඔවුන් වහාම මලක්‌කා මුහුදු තීරය පුරාවටම විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. මේ අතර සිල්වර් ...

මැදියමේ යක්කල කැලඹූ ආත්මය

මැදියම් රැයේ යක්‌කල ප්‍රදේශයේ වාරණ පුරාණ රාජ මහා විහාරයට ප්‍රවිශ්ඨ වන නෙල්ලිගහමුල, ගොරකදෙණිය, පිලංකඩ, බෝණෑගල ගම් අතර සැරිසරන රූමතියක්‌ පිළිබඳව මේ දිනවල විවිධ වූ කටකතා පැතිර යමින් පවතී. අදාල ප්‍රදේශයට අයත් පොලිසිය සහ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාගේද අවධානය මෙකී අද්භූතජනක සිදුවීම් පිළිබඳව අවධානය යොමුවෙමින් පවතින විට අදාල පොලිස්‌ ස්‌ථානය විසින් එකී තරුණියගේ දර්ශනය මිනිසුන් අතර පැතිරීගිය කටකතාවක්‌ ලෙසද යම් පිරිසක්‌ විසින් ඉදිරිsයේ කිරීමට අපේක්‍ෂා කරන යම් අපරාධයකට සුදුසු පසුබිමක්‌ ඇතිකර ගම්වාසීන් බියට පත් කරන්නක්‌ බව ප්‍රසිද්ධ ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබුණත් යම් ආකාරයක අහඹු කාන්තා රුවක ප්‍රියමනාප මුහුණක්‌ද, විකෘති වූ කාන්තා පිටුපස අවයවයක්‌ද ඇති බවට සැකකරන මෝහිණිය නම් වූ කාන්තාවක්‌ විය හැකි දසුනක්‌ ඇතැම් ගම්වාසීන් හා එමඟ ගමන් ගත් තරුණයන්ට හමුවී ඇති බවද කර ඇති ප්‍රකාශයන් එකිනෙකට පරස්‌පරය. එහෙත් අද වන විට එකී මඟ ගමන් කළා වූ තරුණයන්ට, ත්‍රිවිල් රියදුරන්, යතුරු පැදිකරුවන්ට, රියදුරන්ට ඇය දර්ශනය වී ඇති බව ඇය ගේ දසුනෙන් බියට පත්වූ ඇයගේ රුව දුටු තරුණ පිරිසක්‌ මේ වන විට ඔවුන්ගේ අත්දැකීම් සත්‍ය බව එ...

අවාරයට කොස් වැටීම

මෙය මා කුඩාකළ සිදුවු සිද්ධියක්. අප අවට නිවසක විසූ විල්බට් මාමා කොස් ගසක ගෙඩි කැඩීමට ගොස් ගසින් වැටී මිය ගියා. එම කොස්ගස හැඳින්වූයේ "කොස් පඳුර" යන නමිනුයි. එහි කෙටි කඳකුත් ඉන් වැඩුණු අතු රාශියකුත් ඇති නිසා එ නමින් ව්‍යවහාර උනා. එම ගස තිබූ ඉඩමේ ඝනව වල් බිහිවී තිබුනා. මාමා මිය ගොස් ටික කාලයක් ගතවන විට සැඳෑ කරුවල වැටුණු විට හා හිමිදිරි පාන්දර එම කොස් ගස දෙසින් කොස් වැටෙන හඬ ඇසෙන්නට උනා. එම ඉඩම අප නිවසේ සිට ඉතා ආසන්නව නොවෙතත් පෙනෙන දුරින් පිහිටා තිබුනා. එම දුරින්ම වාගේ තවත් නිවෙස් කිහිපයක් ද පිහිටා තිබුනා. අප කුඩා කළ පරිසරයෙන් ළබා ගත් අත් දැකීම් අනුව ගෙඩියක් වැටීම, සතෙකු ඇවිදීම ආදී වූ ස්වාභාවික දෑ නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාවක් අප සතු උනා. මෙම කොස් වැටීමේ සිද්ධිය වරින් වර සිදු උනා. වැඩිහිටියන් සියළු දෙනාට මෙන්ම මටද එකවර එම ශබ්දය ඇසුනා. එමෙන්ම එය අවට නිවෙස් වළ අයටද එම වෙලාවටම ශබ්දය ඇසී තිබුණා. මා අසා ඇති පරිදි මෙය සිදු වීම පටන්ගත් මුල් කාළයේදී කිහිප දෙනෙකු වරින් වර ගොස් ගස අවට වැටුණු කොස් ඇත්දැයි කිහිප වරක් විපරම් කර බලා තිබුනා. නමුත් කොස් හෝ කොස් ගෙඩි වැටීමේදී පොලවේ ඇති...

මළ පියා පැමින කොන්ඩය කැපීම.

මෙම සිද්ධිය වාර්තාවී ඇතිතේ කුරුවිට ප්‍රදේශයේ කඳන්ගොඩ ජනපදයෙනි. තම පියාගේ මරනයෙන් පසු මාස තුන සම්පූන වූ පසු දියණියට තම මළ පියා හීනෙන් පෙනීමට පටන් ගත්තේය. මෙසේ එක් දිනක පියා පැමින දැරියගේ කනේ තිබූ කරාබු දෙක කොහිදැයි ඇසුවේලු. එවිට එය නැවත සෑදීමට දුන් බව දැරිය ප්‍රකාශ කර ඇත. මෙම පිළිතුර ලැබීමෙන් පසු පියා පියා නොපෙනී ගොස් ඇත. ඉන් ස්වල්ප වේලාවකට පසු පැමිනි පියා දියනියගේ උකුල දක්වා හොඳින් වැඩී තිබුනු කොන්ඩය කපන බව ඇයට දැනී ඇත. එවිට ඇය කෑ ගැසා ඇත. එවිට නිදාසිටි මව අවදිවී කුප්පි ලාම්පුවක් දල්වා කෑ ගසන්නේ ඇයි දැයි ප්‍රශ්න කර ඇත. "මහේ කොන්ඩය තාත්තා කැපුවා" කියමින් ඇය අඬමින් කීවාය. මීට මාස තුනකට පෙර මිය ගිය පියා උඹේ කොන්ඩය කැපීමට පැමිනියේ කෙසේදැයි අසමින් මව ලාම්පුව අල්ලා බැලුවාය. පුදුමයකි දැරියගේ කොන්ඩය කපා ඇය නිදාගත් පැදුරේම පසෙක ගොඩ ගසා ඇති බව දැකීමෙන් මව විමතියට පත්වූවාය. 1995.07.31 දින ලංකාදීප පුවත් පතෙහි පලවූ පුවතක් ඇසුරෙනි.

රන්මලීගේ කතාව

හොල්මන් අවතාරාදිය පිළිබඳව විශ්වාස නොකරන මේ ලියන මම ද මෙයට වසර ගණනකට පෙර ලද සත්‍ය අත්දැකීමක්‌ මෙසේ ලියා තබමි. පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව උසස්‌ පෙළ ප්‍රතිඵලයන් ලැබෙන තුරු අතර කාල පරාශය තුළ වයඹ පළාතේ කැලණිය ධනවත් ව්‍යාපාරිකයකු සතු රජයට පවරා ගැනීමට පෙර අක්‌කර දෙසීයක පොල් වත්තක සරත් කරවිට මහතා යටතේ ආධුනික වතු පාලකයකු ලෙස පුහුණුවීමේ කටයුතුවල යෙදුනෙමි. පොල් වත්ත විශාල වූ හෙයින් අභිමාන ස්‌වභාවයක්‌ දිවා කාලයේදී පැවතුන ද කම්කරු සේවක පිරිස්‌ තැනින් තැන විසිරී සිටි හෙයින් යම් තරමක හෝ පාළු ස්‌වභාවය තුරන්ව තිබිණි. එහෙත් රාත්‍රියේදී වතු පාලක බංගලාවට හැරුන විට එකල විදුලිය ද නොතිබිණි. කළුවර පාළු ස්‌වභාවයක්‌ හෙට දින ඉරු පායන තුරු පැවතුනි. එය වඩාත්ම බලපෑවේ වත්ත කෙළවර පිහිටි පොදු සුසාන භූමිය නිසාවෙනි. වේලාසනින් දල්වන පැට්‍රල්මැක්‌ස්‌ ලාම්පුව ද සුළු වේලාවකින් නිවා දැමීමෙන් පසු දල්වන භූමිතෙල් ලාම්පුව තවත් මූසල ගතිය වැඩි කළේය. මා අසා ඇති ආකාරයට මෙම අක්‌කර දෙසීයක පොල් වත්ත සම්පූර්ණයෙන් ම පෙර කල විදේශිකයකුට අයත් අක්‌කර දහස්‌ ගණනක පෞද්ගලික වත්තක කොටසකි. කාලයාගේ ඇවෑමෙන් වෙන්ව මාගේ කතාවට අයත් අක්‌කර දෙසිය දඟකාර...

සිරිපා අඩවියේ සිල් අම්මා

අද මෙන් නොව පෙරදා දිය සෙවළ බැඳි ගල් පඩිවල නගිමින්, දම්වැල එල්ලී සිරිපා කරුණා කළ යුගයක සිරිපා වන්දනාවට බැතිමතුන් පැමිණියේ තම ගම් බිම්, ගෙවල් දොරවල් හරකබාන ද තමන්ගේ දරුමුණුබුරන්ට පවරා ලියා දීමෙනි. ඊට හේතු භූත වූයේ එම අපහසුතාවයන්ගෙන් මිදී සිරිපා වැඳ ආපසු ඒම ගැන විශ්වාසයක්‌ නොතිබීම නිසාමය. එදා මෙදා තුර සිරිපා වන්දනාවේ පැමිණියෝ දහස්‌ ගණනක්‌ මියෑද ගොස්‌ ඇත. ඔවුන්ගේ ප්‍රාණ ජීවයන් සුරලොවට මෙන්ම හිමයේ වාතලයටද ආඝ්‍රහනය වී ඇත. පසු කලෙක ඒ ජීවිතවලට ප්‍රාණ වායුව ලැබී හොල්මන් අවතාර නමින් හෝ දෘෂ්‍යමාන හා අදෘෂ්‍යමාන බලවේග වී ඇති බවට ලැබී ඇති නිදසුන් දැක්‌විය හැක. සිරිපා වන්දනා සමයේදී අප විසින් මෙසේ එක්‌තැන් කළ තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කිරීමෙන් අප බලාපොරොත්තු වනුයේ අතිසුන්දර වූ සිරිපා ගමන බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන් කෙරේ වැදගත් වූ පින්බර ගමනක්‌ විනා අනුනට නොමනා උසුළුවිසුළු කර අනුන්ගේ සිතට වේගය උපදවන පස්‌පව් දස අකුසල් වලින් පුරවාගත් අශීලාචාර ගමනක්‌ නොවන බව උකහා දීමටය. වේලු අයියා දුටු හොල්මන් කථාව මෙතැන සිට අප අසමු. ඒ 1957 වර්ෂයේ සිරිපා සමයේ අවසාන භාගය වූ සිංහල අළුත් අවුරුද්දට තිබුණේ දින කිහිපයකි. හ...

ත්‍රීවිලයට ගොඩවුනු කත කව්ද ?

(උපුටා ගැනීමකි ) සුදු පැහැති හැට්ටයකින් හා සායකින් සැරසුණු ඇය රාති‍්‍ර 9.00 පමණ දෙවිනුවර නගරයේ ති‍්‍ර රෝද රථයකට ගොඩවූයේ සිය නිවස වෙත යාමට අවශ්‍ය බව පවසමිනි. බැලූ බැල්මට ඇය සතු රූමත් බව නිසාම චුට්ටා යන අන්වර්ථ නමින් හඳුන්වන ති‍්‍රරෝද රථ රියදුරු අනෙකුත් සහෝදර රියදුරන්ට පෙර එම කුලී ගමන යාමට ඉදිරිපත්විය. දෙවිනුවර කපුගම පාරේ ටික දුරක් ගොස් ති‍්‍ර රෝද රථය නතර කෙරිණි. එම ස්ථානය තරමක් පාළුවට ගොස් ඇත. ඒ නිසා චුට්ටාට යම් අමුත්තක් ද දැණිනි. එහෙත් ඈතින් පෙනෙන නිවසක විදුලි බුබුලක් යාන්තමින් හෝ පෙනෙන්නට තිබූ නිසා යම් සැනසීමක් ඔහුට තිබුණි. ති‍්‍රරෝද රථයෙන් බැසගත් කාන්තාව සිය අත්බෑගය පරීක්ෂාකොට ”මල්ලී දැන් පොඩි සල්ලි නැහැ. හෙට උදේට ගෙදරට එන්න. මම හයර් එක දෙන්නම්” යයි කියා විදුලි ආලෝකය දල්වා තිබූ නිවස වෙත පිටත්ව ගියාය. ඒ අනුව චුට්ටා නැවත දෙවිනුවර නගරයේ ති‍්‍ර රෝද රථ ගාල වෙත පැමිණි අතර ආ අද හොඳ කෑල්ලක් අරගෙන ගියානේ කියමින් අනෙක් තරුණ රියදුරන් ඔහුට නිකමට විහිළු කළහ. කෙසේ වෙතත් පසුදින උදෑසන ඔහු ති‍්‍රරෝද රථ ගාස්තුව ලබා ගැනීම සඳහා අදාළ ස්ථානය වෙත ගොස් ඇත. අදාළ නිවස වෙත ගොස් පෙරදින රාති‍්‍ර පැ...

කලකින් හමුවූ මිතුරා

අකුරැස්සට නුදුරු බලුකාවල ගමෙහි විසූ පියදාස හා සිරිසේන යන දෙදෙනා පාසල් යන වියේ සිට එකට හැදුණු වැඩුණු මිත්‍රයෝ දෙදෙනක් වූහ. අටවෙනි පන්තියේ ඉගෙනීම ලබන අවධියේදී පියදාස පාසැලෙන් අස්විය. ගමේ මැරවර කල්ලිය ආශ්‍රය කරමින් මැරවරයෙක් විය. ගමේ හොරකම් මංකොල්ලකෑම් ස්ත්‍රීදූෂණ ආදී අපරාධ කරමින් පියදාස ගමට එපා වූ මිනිසෙකු වශයෙන් ජීවත් වූයේය. එහෙත් සිරිසේන එයට හාත් පසින්ම විරුද්ධව ජීවිතය ගතකල කෙනෙකි. ඔහු ඉගෙනීම අවසන් කර රජයේ රැකියාවක්ද ලබා ගත්තේය. නමුත් පියදාස සහ සිරිසේන අතර තිබුණු මිත්‍රත්වයට කැළලක් නොවීය. මෙසේ කාලය ගෙවීයත්ම පියදාස උන්හිටි ගමන් අතුරු දහන් විය. ඔහුගේ පවුලේ සියලු දෙනාම ඔහු ගැන සෙවූ නමුත් මොනම ආරන්චියක්වත් නොලැබුණි. සිරිසේනද පියදාස ගැන සොයා බැලීය ඔහුටද සතුටුදායක ප්‍රතිඵලයක් අත් නොවීය. සමහරු පියදාස ගම අතහැර ගියේ යයි කියති. තවත් සමහරු ගමෙන් පිට කැඳවාගෙන ගොස් මරාදමන්නට ඇතැයි කියති. කාලය ගෙවී ගියේය. ගම්වාසීන් තුලින් පියදාස පිලිබඳ මතකය අතුරුදහන් වූයේය. මේ කාලයේ තේ දළු මිල පහත වැටීම නිසා තේ ඉඩම් එලිපෙහෙළි කිරීමක්ද නොවීය. එහෙත් උන්හිටිගමන් තේ මිල ඉහල ගියේය. තේ වතු කාරයෝ කඩිමුඩියේ තේ ඉඩම් ශු...

භූතයෙකු සමග රැයක්‌

හොල්මන් සමග හැබැහින් : භූතයෙකු සමග රැයක්‌ 1977 දී ලංකාවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතෙක්‌ රජ කළ පාර්ශ්වය පරාජයට පත් විය. පරාජයට පත් අයගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූ බොහෝ රාජ්‍ය සේවකයන් වෙත බලයට පත් කණ්‌ඩායම නිර්මාණය කළ ශාපයේ චණ්‌ඩ මාරුතය හමා එන්නට වූහ. ගහෙන් ගෙඩි එන්නාක්‌ මෙන් හිටි හැටියේ තැන් තැන් වලට මාරු කෙරිණි. පවුල් ජීවිත කඩා වැටුණි. ආර්ථික අගාධයකට ඇද වැටුණි. කායික මෙන්ම මානසික පීඩාවට ද ලක්‌ කෙරිණි. උපාධිධාරී ගුරුවරයකු වූ පියසෝමටද මෙම ශාපයෙන් ගැලවීමක්‌ නොවීය. අම්පාර ප්‍රදේශයේ කවදාවත් අසා නොමැති පාසලකට ඔහු මාරුකර යවා තිබුණි. බිරිඳ හා මිතුරන් අසවල් බලවතා මගින් සහනයක්‌ ලද හැකි බව කීවද, ඔහු ඊට එකඟ නොවීය. ජීවිතයේ පළමු වතාවට අම්පාර නගරයට පා තබන විට හිරු අහස මුදුනට නැඟ තිබිණි. දැඩි රශ්මියෙන් ගත දවාලීය. හමන සුළඟ ද ගතට පීඩාවකි. කුස ගිනි දැඩිව දැනෙයි. පළමුව සුදගින්න නිවා ගැනීමට සිතූ හේ අරමුණකින් තොරව වීථියක්‌ දිගේ ගමන් කරන්නට විය. කඩවල දැන්වීම් පුවරු කියවමින් ඉදිරියට ගිය පියසෝම "මාතර හෝටලය" නම් දැන්වීම් පුවරුව අසල නතර විය. කලින් දැන හැදිනුම් කමක්‌ නැතද, "මාතර...

සොහොන් පිල්ලිය

සොහොන් පිල්ලිය සමඟ නිදාගත් බබුන් ආතා මා උපන් මහ ගෙදර පිහිටියේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කඳයාය නම් වූ අතිශයින් ම කිසිදු පහසුකමකින් තොර වූ ගම්මානයකය. සවස පහේ කනිසම වැදෙන විටදී පවා අන්ධකාරය වෙලා ගෙන තිබුණේ රූස්‌ස ගස්‌ කොලන් හා මහ කැලෑව ගම අරක්‌ගෙන සිටි හෙයිනි. අන්ධකාරය ඇති විටක කිසිදු හේතුවක්‌ නිසාවත් නිවසින් පිටත යැමට තිබුණේ දැඩි බියකි. මට සිටියේ එක්‌ නැඟෙණියකි. අප කිසිදු විටක මළ මුත්‍රා කිරීමට හදිසියකටවත් නිවසින් පිටත නොගියේ අවශ්‍ය ශරීරකෘත්‍ය නිවස තුළදීම කර ගැනීමට කටයුතු සකසා ගෙන තිබූ හෙයිනි. එතරම්ම අඳුර මූසලය. එහි බියකරු බව බකමූණා, උලමා කෑ ගැසීම නිසා තවත් බියකරු විය. බහුතරයක්‌ නිවෙස්‌වල කුප්පි ලාම්පුව දැල් වූ අතර පැය කිහිපයක්‌ පැට්‌ට්‍රොල් මැක්‌ස්‌ ලාම්පුවක්‌ පත්තු කිරීම යමක්‌ කමක්‌ ඇති නිවෙස්‌වල සිදු වුවද පැය කිහිපයකින් නිවා දමා නින්දට යැමට බොහෝ දෙනා පුරුදුවී සිටියහ. එකී ගමේ එකලට අනුව තරමක්‌ යමක්‌ කමක්‌ තිබුණේ මා පියාණන් වූ එළාරිස්‌ මුදලාලි මහතාට ය. උදයේ වෙළෙඳසලේ සිට නිවසට පැමිණෙන විට ඇතැම් දිනවල මධ්‍යම රැය ද පසුවිය. එයට හේතුව ඔහුගේ කඩයේ තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාවිරහි...

මුළු රැයක්‌ පුරා භූතයෙක්‌ පස්‌සෙන් එයි

මේ සිද්ධිය වන විට මට වයස අවුරුදු පහළොවක්‌ පමණ ඇත. පහ ශිෂ්‍යත්ව විභාගය සමර්ථ වී මම වලල මධ්‍ය මහා විද්‍යාල නේවාසිකාගාරයට ඇතුළත් වුණෙමි. ගෙදර සිට විදුහලට දුර සැතපුමක්‌ පමණ වුවත් ශිෂ්‍යත්වය සමර්ථ වූ නිසා නේවාසිකාගාරයේ නැවතී ඉගෙනුමට මට සිදු විය. එක්‌ දිනක්‌ උදැසන නැඟිටින විට ඉවසිය නොහැකි තරම් දරුණු උණකින් මම පෙළුණෙමි. දහවල් වන විට ඇඟ කසමින් ඇඟේ කුඩා බිබිලි කිහිපයක්‌ මතු විය. දරුණු උණ සමඟ ඇඟපත දරුණු ලෙස කකියයි. හිස කෙළින් තබා ගැනීම පවා අසීරුය. ඒ නිසා නේවාසිකාගාර භාර ගුරු මහතාට දන්වා ගෙදර යැමට අවසර ලබා ගතිමි. තනිව යන නිසා වෙනත් අයෙකු කැටුව යැමට එවන්නදැයි ඔහු කළ යෝජනාව ඉවතලූ මම තනිව නිවස බලා ගියෙමි. විදුහලේ සිට නිවසට ඇති දුර සැතපුමක්‌ වුවත් ඒ දිනවල මේ පාරේ බස්‌ ධාවනයක්‌ සිදු වූයේ නැත. මුළු දුරම පාළු පරිසරයක්‌ මැදින් ගමන් කළ යුතු විය. ප්‍රභූ පැළැන්තියකට අයත් වලව්වකට අයිති පොල්, රබර්, කොකෝවා, ගම්මිරිස්‌, වැවුණු, අඩක්‌ කළුවර ඇති ගහකොළවලින් මේ මුළු දුර වැසී ඇත. මේ රූස්‌ස ගස්‌ අතර මිනිස්‌ කටහඬක්‌ නැත. පාළුව දෙගුණ කරමින් එක දිගට රැහැයි රංචු මහ හඬින් හඬ නඟති. ඉඳහිට පොල් ගසක්‌ මුදුනේ අතුර බැඳ පො...

සුසානයේදී මියගිය ඇදුරා

මුදලිහාමි පළාතම නම ගිය ගුප්ත ආචාර්යවරයෙකි. තෙල් පිරිත් කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ඇප නූල් බැඳීම, බලි තොවිල් ඔහු ඉගෙන ගත්තේ ඉතාම දක්‍ෂ ඇදුරෙකුගෙනි. ඔහු අවුරුදු හතළිහකට කිට්‌ටුය. උසය. උසට සරිලන මහත ඇත. ඇඟ කාල වර්ණය. පිට මැදට දිග ඇති කොණ්‌ඩය ඔහු උඩට කර ගැටගසා ගනියි. ගෙදරට හා ළඟ ගමන් බිමන්වලට ඔහු ඇන්දේ සරමකි. අත් දිග මේස්‌ බැනියමකි. ඈත වැදගත් ගමනක්‌ යන විට රෙද්දක්‌ හැඳ හවඩිය බඳී. මේස්‌ බැනියම උඩට කබායක්‌ පළදී. ඉතා අසීරු බලි තොවිල්වලට ඔහු ඈත පළාත්වල ද යයි, එයි. එහිදී ඔහුගේ ආවතේව වැඩවලට බයක්‌ සැකක්‌ ගෑවී නැති ගෝලයන් දෙදෙනෙක්‌ එක්‌ව යයි. මෙවර මුදලි හාමිට බලගතු තොවිලයක්‌ සඳහා ගමට අල්ලපු ගමෙන් ආරාධනා ලැබුණේය.    ඔහු හමුවීමට ආ අයට සූදානම් කර තැබිය යුතු ද්‍රව්‍ය ලැයිස්‌තුවක්‌ උපදෙස්‌ හා අය කරන මුදල ද විස්‌තර කර දුන්නේය. ඒ ආ අය ඔහුගේ මුදල ගෙවීමට පොරොන්දුව පිටත් වූහ. මුදලිහාමි ඔහුගේ සහයකින් දෙදෙනාට ද දිනය හා ගමන ගැන කල්වේලා ඇතුව දැනුම් දුන්නේය. ඒ ගමන සූදානම් වීම සඳහාය.    "මේක බොහොම පරිස්‌සමෙන් කරන්න ඕනෑ තොවිලයක්‌. අපි කවුද කියලා ඒ ගමේ අය ඔක්‌කොම අඳුරනවා. අනෙක සොහොන් පිට්‌ටනිය ති...

යක්දෙස්සියන්ගේ සිපිරිගෙය

15 වන සියවසේ එංගලන්තය පුරා ගුප්ත විද්‍යා කටයුතු පිළිබ`ද උනන්දුවක් පැතිරී පැවතුණි. ගුප්ත විද්‍යා කටයුතු හෙවත් මායාකර්ම කරන්නන්ද, ඒවායේ සේවය  ලබා ගන්නන්ද එකල බහුල විය. ”උර්සුලා කෙම්ප්” එකල එංගලන්තයේ විසූ ප‍්‍රකට මායාකාරියකි. එසේත් නැතිනම් යක් දෙස්සියකි. උර්සුලා වින්නඹුකම් කරමින්ද, රෝගීන්ට අත්බෙහෙත් හා කෙම් කරමින්ද ජීවිකාව සපයාගත් තැනැත්තියකි. එහෙත් ඇයට සුවිශේෂී බලයක් තිබුණු බව පැවසේ. අමනුෂ්‍ය බලවේගයන් ආරූඪ වූවන් ඒවායින් මුදවා ගැනීමටද, විශේෂ බෙහෙත් වර්ගවලින් රෝගීන් සුවපත් කිරීමටද ඇයට මායා බලයක් තිබිණ. ඇය අසල්වැසියන්ට කාරුණිකව සැලකූ යහපත් කාන්තාවක හා දයාබර මවක ලෙසින් හො`ද නමක් දරා උන්නාය. එහෙත් ඇගේ මායා බලය හේතුවෙන් ඇය මායාකාරියක ලෙස හ`දුන්වනු ලැබුවාය. 1560ත් 1630ත් අතර කාලය තුළ යුරෝපය පුරා මායාකර්ම (අසඑජයජර්ඓ* කළ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන මරා දමනු ලැබූහ. යක්දෙස්සන් හා යක්දෙස්සියන් යැයි සැක කළ දහස් ගණනක් සිරගත කොට වධ හිංසා පමුණුවා එල්ලා මරා දමන්නට එකල සිටි පාලකයෝ කටයුතු කළහ. උර්සුලා කෙම්ප්ගේ අසල්වැසියෝද ඇය මායාකාරියක, යක්දෙස්සියක යැයි වංශාධිපති බ‍්‍රයන් ඩාර්සිට පැමිණිලි කළහ. උ...