Skip to main content

Posts

Showing posts with the label යකැදුරන්ගේ වැඩ

දකුණු වැව්ගම්පත්තුවේ යක්ෂ බන්ධන

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් මගින් නොපෙනෙන බලවේග හසුරුවා ඒ මගින් මිනිසුන් බරපතළ ලෙස රෝගී කර හෝ මරා දැමීම ඈත අතීතයේ සමහර ගුරුන්නාන්සේලා විසින් සිදු කරන ලදැයි කියෑවේ. ඒ සඳහා විවිධ ක‍්‍රම භාවිතා කර ඇති බව ඉතිහාසය ගවේෂණය කිරීමේ දී දැක ගන්නට පුළුවන.   අංගම් පිඹීම එහි ප‍්‍රමුඛ කටයුත්තකි. පසු ගිය සති කීපයක් පුරා අප ඒ බව අනාවරණය කළෙමු. ඒ හැරුණු විට තවත් ක‍්‍රමයක් වූයේ යක්‍ෂ බන්ධනයයි. විශ්වයේ සිටිතැයි කියන ඇතැම් යකුන්ට මන්ත‍්‍ර ජප කර ඔවුන්ව බන්ධනය කර ඔවුන්ගේ බල පෑමෙන් මිනිසුන් ලෙඩ කිරීම පමණක් නොව එම ලෙඩ තුළින් ඔවුන්ව මරා දැමීමත් සිදු කරනු ලබයි. මෙහිදී ගුරුන්නාන්සේගේ අතකොළුවක්සේ කටයුතු කරන්නේ විවිධ නම් වලින් පෙනී සිටින යක්‍ෂයින්ය.   මෙලෙස යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම්වල ඇතුළාන්තය පරික්‍ෂා කරන විට ඒ හා සබැඳුණු බොහෝ කතා ප‍්‍රවෘත්තීන්ද අපට හමු විය. ඇතැම් ඒවා අපූරු කතා ප‍්‍රවෘත්තීන්ය. තවත් සමහරක් විමතිය දනවන ඒවාය.    මෙලෙස යකුන් බන්ධනය කර මිනිසුන්ට කරදර කිරීම පහළ ඌව ප‍්‍රදේශයෙත් දිගාමඩුල්ලේ දකුණු වැව්ගම්පත්තුවෙත් සුලබව දක්නට ලැබුණු බව ”ඉරිදා ලංකාදීපය” කළ ගවේෂණයේ දී තවදුරටත්...

නරකත් හොඳ වීම

හම්බන්තොට කච්චේරියේ රාජකාරියෙහි යෙදීසිටි සුදු ඒජන්ත මහතා දිනක් මුල්කිරිගල විහාරය නැරඹීම පිණිස පැමිණියේය. පන්සලට පැමිණි ඒජන්ත මහතා පන්සලට ගොස් විහාරාධිපති ස්වාමීන් වහන්සේ බැහැදැක තමන් පැමිණි කාරණය තෝල්කයාගේ මාර්ගයෙන් දැන්වීය. ලොකු හාමුදුරුවෝ පොඩි නමක් ළවා යතුරු ටික ගෙන්වාගෙන ගොස් පහළම ඇති ලෙන් විහාරය පෙන්වා ගල්පඩි නැගගොස් රජ මහා විහාරයේ දොර විවෘත කරවීය. එහි සැතපෙන දහ අට රියන් බුදු පිළිමයකි.  ගල්පඩි පෙල නැගීමෙන් වෙහෙසට පත් සුදු ඒජන්ත තැන පිළිමයේ ආසනයට නැග පිළිමය මත හිඳගත්තේය.  ඔහු කරන දෙය බුද්ධ ශාසනයට කරන අගෞරවයක් බව තෝල්කයා මගින් පහදා දුන්නේය. වහා පිළිමය මතින් බහින ලෙස අණ කළේය. එය ගණනකට නොගත් සුදු මහතා තවත් හරිබරි හැහී හොඳ හැටි වාඩි වූයේය. කළයුතු කිසිවක් නොමැති හෙයින් පොඩි හාමුදුරුවෝ අමතා '' තැනේ නරකත් හොඳ යයි'' පැවසූහ. පොඩි හාමුදුරුවන් අතේ තිබුණු ඉඳුල් කඩ ගෙන එය ගසා දැමීය. ඒජන්ත තැන කටින් නාහින් ලේ දමා ගෙන බිම ඇද වැටුනේය. තෝල්කයා භයින් වෙව්ලන්නට විය. ලොකු හාමුදූවෝ පැන් කෙන්ඩිය අතට ගෙන පැන් ස්වල්පයක් ඒජන්ත තැනගේ මුහුණට ඉසීය . ඒජන්ත මහතා සිහිය ලැබ නුඹලාගේ බුදුන් ...

සොරුන් ගල්කළ බරම්පොල කෝරාළ

මෙය දැනට ශතවර්ෂ කිහිපයකට පෙර වයඹ පළාතේ බරම්පොල ප්‍රදේශයේ විසූ බරම්පොල කෝරාළ වටා ගෙතුණු විශ්මයජනක කතා පුවතකි. බරම්පොල කෝරාළ යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම්, කොඩිවින, මලයාල ගුරුකම් පිළිබඳව ප්‍රදේශයේ අති මහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලූ පුද්ගලයකු විය. බස්‌රථ, යාන වාහන හෝ වෙනයම් ගමන් පහසුවක්‌ හෝ නොතිබූ මේ සමයෙහි මෙම ප්‍රදේශවල ගැමි ජනතාව නඩුවකට හෝ වෙනයම් අවශ්‍යතාවයක්‌ සඳහා සැතපුම් තිහ, හතළිහ දුර ගෙවා කුරුණෑගල, හලාවත වැනි නගරවලට ගියේ හුදෙක්‌ පා ගමනිනි. මෙම ප්‍රදේශයේ සිට එසේ යැමට ඊට පෙරදා සිටම ගමන් ආරම්භ කළ යුතුය. එකල මෝටර් රථයක්‌ තබා කරත්තයක්‌වත් තිබුණේ ගමක ප්‍රභූවරයකුට පමණි. වෙනෙකක්‌ තබා දුවා දරුවකුගේ ආවාහ, විවාහවලදී පවා විශේෂ සැලකිල්ලක්‌ දැක්‌වූයේ නිවෙස්‌ හිමියා සතු ගව පට්‌ටියේ විශාලත්වය අනුවය. දිනක්‌ කුරුණෑගල අධිකරණයේ පැවැති නඩුවකට පෙනී සිටීම සඳහා මෙකී '' බරම්පොළ කෝරාළ'' බරම්පොල සිට කුරුණෑගල දක්‌වා ගමන් ඇරඹුවේ තමා සතුව ඇති ටැන්ටු කරත්තයෙනි. මේ ගමනේදී කැලෑබද ප්‍රදේශ පසුකොට යද්දී මාස්‌පොත හරහා දිවෙන දැදුරුඔය පාලම පසු කරනවාත් සමඟම හමුවූ කැලෑ බද ප්‍රදේශයකදී මංකොල්ලකරුවන් හතර දෙනෙ...

අවුඩංගාවේ හිමිගේ මන්ත්‍ර දස්කම්

ඒ 1967 වර්ෂයයි. එකල මම ගලේවෙල මහා විද්‍යාලයේ උප ගුරුවරයකු ලෙස සේවය කළෙමි. ගලේවෙල හා දඹුල්ල අතර පිහිටි තලකිරියාගම නමැති ගම්මානයෙන් හැරී ගුරු පාරක්‌ දිගේ සැතපුම් පහක්‌ පමණ ගිය විට හාත්පසින් වනාන්තරයෙන් වට වූ 'දඬුබැඳිරුප්ප' නම් පාරම්පරික පැරැණි ගම්මානය හමු වෙයි. ගලේවෙල සිට කලාවැව බැම්ම දිගේ අවුකනට විහිදෙන පාරේ බුදුගේහින්න හන්දියෙන් හැරී සැතපුම් පහක්‌ පමණ වන තීරුව දිගේ ආ විට ද දඬුබැඳිරුප්ප ගමට ආ හැක. මුළුමනින්ම වනයෙන්, වන සතුන්ගෙන් ගහන වනගත පාරම්පරික ගම්මානයක්‌ වූ දඬුබැඳිරුප්පේ සියලු පවුල් එකට එකතු වී අවුරුද්දකට වරක්‌ දඹුල්ල විෂ්ණු දේවාලයට පෙරහැරක්‌ පවත්වති. ඒ හුදකලාව වන මැද ජීවත්වන ඔවුන්ට දේව පිහිට ලබා ගැනීමටයි. මේ ගමේ මළ ගෙදරකට යැමට අපට සිදුවිය. උසස්‌ පෙළ පන්තියේ ළමුන් කණ්‌ඩායමක්‌ සමඟ ඔයවල්, දිය දහරා පසු කරමින් ගුරුපාර දිගේ වනය මැදින් දඬුබැඳිරුප්පට ගිය ගමන මට තවම ඊයේ මෙන් මතකය. ඉතා චාම් පැරැණි ජීවිත ගමේ විය. ගමේ පන්සලේ අවුරුදු අනූව පසුකළ ඉතා වයස්‌ගත හිමිනමක්‌ ගිලන්ව සිටින බව ඒ ගමෙන් පාසල් එන ශිෂ්‍යයෝ මට කීහ. "අවුඩන්ගාවේ හාමුදුරුවෝ කිව්වොත් මුළු පළාතම ප්‍රසිද්ධයි. අ...

මලයකුන් මෙල්ල කිරීම

ගල්කිස්සේ විසූ ජේමිස් කල්දේරා කපු මහතා මලයක්කු මෙල්ල කළේ නොමළ යක්කුන් ගේ සතුරුකම් ඉවසා දරාගෙනය. ඒ මහත ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධ තම පරපුරෙහි උරුමය හිස මත දරාගන එය ඉතා කැමැත්තෙන් ආරක්ෂා කල දක්ෂ ඇදුරුතුමෙකි. මන්ත්‍ර සිද්ධි සම්බන්ධ ජානමය වශයෙන් රුධිර හරහා ඇති සබැඳියාවට අමතරව තම පියා පරිශීලනය කළ ‍පොත්පත් ආදිය කියවීමෙන්, හැදෑරීමෙන් ලද දැනුම ඔහු සතු ආයුධයක් බදු විය. එම අයුධ පරිහරණය කල යුතු පිළිවෙළක්, ක්‍රමයක්, ආකාරයක්, ශික්ෂණයක් පිළිබඳ ජෝන් කල්දේරා වන සිය පියා නිතර ගුරුහරුකම් ලබා දුන්නත් ගැටවර වියේ දී ඒවා තඹේකට මායිම් නොකළ අවස්ථා ද විය. යුද්ධයට නොගැළපෙන ස්ථානවල දී මන්ත්‍ර නම් ආයුධ පරිහරණය කිරීමට ගොස් තරුණ ජේමිස් තම පියාගෙන් දඬුවම් ලැබූ අවස්ථා බොහොමය. මේ දිගහැරෙන්නේ එවැනි එක් කතන්දරයකි. ජේමිස් ගේ පියා විසින් සිය නිවසේ බටහිර දිශාවට වන්නට ගව මඬුවක් පවත්වාගෙන ගියේය. බිසෝ මැණිකාගේ නිරන්තර කන් කරච්චලය මධ්‍යයේ පවත්වාගෙන ගියත් ඒ ගව මඩුව එම නිවසේ අන් අයට නම් වදයක් නොවීය. ගමේ එක එකාලගෙ ලොකු ලොකු වැඩ බිසෝ මැණිකාට නොදිරවයි. "ගමේ උන් ඉන්න විදිහට නොයිද බැරි දේවල් කරන්න මොකට දඟලනවද මන්ද " මේ ...

ගැටහැත්ත, දිව්රුම්පිටිය, දෙහිගහපිටිය, තැලුම්පිටිය, දන්දෙනිය හා යකුදාගොඩ නම් හැදුන හැටි .

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල ප්‍රධාන අදහස අලෞකික දෙය, පාලනය, කරමින් යහපත් හෝ අයහපත් හොඳක්‌ නපුරක්‌ සැලැස්‌මකට සැකසීමට උපකාර කර ගන්නා නොයෙකුත් ක්‍රමවිධිවලටය.  එම දෙයට ජීවම් බන්ධන කොඩිවින, පිල්ලි, සූනියම් සහ පැන්නීම් ආදී ඇදහිලි ක්‍රම විධි කෙරෙහි ආදියේ සිට ජනතාව අතර විශ්වාසයක්‌ පවතිනවා.  උක්‌ත සඳහන් කළ අණවින කොඩිවින බන්ධන පිළිබඳ ප්‍රකට පුද්ගලයින් හා පැවිදි ස්‌වාමීන් වහන්සේලා සිටි බවට ඉතිහාස කතා ඇත.  පූජ්‍ය වල්පොල ස්‌වාමීන් වහන්සේ, බත්තරමුල්ලේ ධම්මරතන හිමි, පූජ්‍ය අංකොක්‌කල පියරතන ස්‌වාමීන් වහන්සේ යනු ඉන් කිහිප දෙනෙකි.  ගිහියන් අතර මාතර යකහටුව ඇපලපිටියේ පිල්ලිය මාරපන ගණිතය ගුරුන්නාන්සේ, දොඩම්පෙ පුංචි බණ්‌ඩාර හා තුම්පනේ යක්‌දෙස්‌සා ඉන් කිහිප දෙනෙකි.   කැන්දන්ගමුවේ බටහිර දම්ගොල්ලේ පදිංචි ලියන ගෙදර වෛද්‍යරත්න පරම්පරාවේ වෛද්‍ය රත මන්ත්‍රාචාර්යවරයා සීතාවක රාජ්‍ය පාලන සමයේ සිටි ප්‍රකට පුද්ගල පරපුරකි.  අප ලද තොරතුරු මත එම ලියනගෙදර වෛද්‍ය පරම්පරාවේ වර්තමානයේ ජීවත් වන ජ්‍යෙdතිෂ්‍ය වේදී මන්ත්‍රාචාර්ය බුලුගහපිටියේ පදිංචි සිරිසේන මහතා හමුවීමට ගියා.  සිරි...

යන්ත්‍ර මන්ත්‍ර විහිලුව

අභියෝගය සැබෑවීම ----------------------- තරුණ වයසට බොහෝ දෙනකු යමක් දෙස බලන්නේ විමර්ශනාත්මකවය. එහි විශ්වාසයට වඩා සැකය පදනම් වී ඇත. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලයට යන පිරිමි දරුවන් තුළ මේ ස්වභාවය පවතී. එහෙත් උපාධිය ලබා රැකියාවකට ගිය පසු බොහෝ දෙනකු තුළින් ඒ ගති පලා යයි. පරමාදරය, ප්‍රේමය, අමතක වෙයි. යටි සිත දෑවැද්දට ගෙයක්, වාහනයක් බලාපොරොත්තු වෙයි. විප්ලවය, පන්ති සටන, සාධාරණය, යුක්තිය කේඬෑරි වී යයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ කළුතර රාජිත දැන් තිස් වැනි වියේ පසුවෙයි. රැකියාවක් නොකරයි. හිටි හැටියේ හඬ නඟා හිනා වෙයි. ඉකිබිඳ හඬයි. බලාගත් අත බලා සිටී. ආහාර අරුචියෙන් පෙළෙයි. බඩේ දැවිල්ලකින් පීඩා විඳියි. ඔහු සිටින තැන දුඟදක් පැතිරෙයි. හීනෙන් බය වී කෑ ගසාගෙන අවදි වෙයි. මවුපියෝ ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එහෙත් එයින් ඔහු තව තවත් කෘශ වූවා මිස සනීපයක් නොවුණි. අවසානයේ අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය. එයින්ද සුවයක් නොවූයෙන් මවුපියෝ ඔහු ආපසු ගෙදර ගෙනාහ. අවසානයේ මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන යෝගී වරයෙකු මුනගැසීමට ඔවුන් තීරනය කලහ. එසේ කළේ ඥාතියක...

අභියෝගය සැබෑවීම

තරුණ වයසට බොහෝ දෙනකු යමක් දෙස බලන්නේ විමර්ශනාත්මකවය. එහි විශ්වාසයට වඩා සැකය පදනම් වී ඇත. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලයට යන පිරිමි දරුවන් තුළ මේ ස්වභාවය පවතී. එහෙත් උපාධිය ලබා රැකියාවකට ගිය පසු බොහෝ දෙනකු තුළින් ඒ ගති පලා යයි. පරමාදරය, ප්‍රේමය, අමතක වෙයි. යටි සිත දෑවැද්දට ගෙයක්, වාහනයක් බලාපොරොත්තු වෙයි. විප්ලවය, පන්ති සටන, සාධාරණය, යුක්තිය කේඬෑරි වී යයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ කළුතර රාජිත දැන් තිස් වැනි වියේ පසුවෙයි. රැකියාවක් නොකරයි. හිටි හැටියේ හඬ නඟා හිනා වෙයි. ඉකිබිඳ හඬයි. බලාගත් අත බලා සිටී. ආහාර අරුචියෙන් පෙළෙයි. බඩේ දැවිල්ලකින් පීඩා විඳියි. ඔහු සිටින තැන දුඟදක් පැතිරෙයි. හීනෙන් බය වී කෑ ගසාගෙන අවදි වෙයි. මවුපියෝ ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එහෙත් එයින් ඔහු තව තවත් කෘශ වූවා මිස සනීපයක් නොවුණි. අවසානයේ අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය. එයින්ද සුවයක් නොවූයෙන් මවුපියෝ ඔහු ආපසු ගෙදර ගෙනාහ. අවසානයේ මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන යෝගී වරයෙකු මුනගැසීමට ඔවුන් තීරනය කලහ. එසේ කළේ ඥාතියකුගේ උපදෙස් පරිදිය. රාජිත විශ්වවිද්‍යාලයේදී ...

පුරාලය සැඟවීම

මහසොහොන් සමයම යනුවෙන් හැඳින්වෙන යාගයේ දී යකදුරාගේ දස්කම් උරගා බැලීම පිණිස පුරාලය සැඟවීමේ කථා ප්‍රවෘත්ති විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබේ. තොවිල් ගෙදරට එන තරුනයෝ පුරාලය සැඟවීම කරන්නේ කට්ටඩි මහතාගේ දක්ෂතාවය සෙවීම පිණිසය. දිනක් බණ්ඩත්තර ගමේ ගෙදරක මහසොහොන් සමයමක් නැටීම පිණිස ගරා යක්දෙස්සේ පැමිනියේය. මාතර දියගහ විසූ ගරායක්දෙස්සේ නම ප්‍රසිද්ධ වූ දක්ෂ යකදුරෙකි. දවල් කෑමෙන් පසු ගෝල පිරිසද කැටුව පැමිණි ගරායක්දෙස්සේ වීදිය සරසා පිදේනි සරසා රාත්‍රී කෑම කා රෑ 7ට පමන තොවිලය ආරම්භ කළේය. අවශ්‍ය යකුන්ට පුද පිදේනි දීමෙන් පසු පුරාලය සරසා තිබුනු ස්ථානයටද ගොස් මූලික වතාවත් කිරීමෙන් පසු පැමිණියේය. ඉන්පසු පියවරින් පියවරට මහසෝන් සමයමේ වතාවත් ඉටුකරමින් ඒ ඒ යකුන්ට පුද පිදෙනි දුන්නේය. අවතාර උගුලුවා පුරාලය වෙත නැවත යාමේ අවස්ථාව පැමිණියේය මල්මඩුවේ දී දුම්මල ටිකකට මතුරා ගිනිකබලකට දමා දුම් අල්ලා ගැනීමෙන් පසු යක්දෙස්සා ආවේශ විය. ගෙයි හැම තැනම දපමින් දුම්මල කීරි ගසමින් දිස්ටිය ගෙදරින් උගුලවා ගෙන පුරාලය වෙත ගියේද දුම්මල කීරි ගසමින් එම දුම යන දෙස බලමින්ය. අන්තිමට ගියේ ගඟ අද්දරටය. එහි ගොස් දුම්මල ටිකක් මතුරා කීල...

මල ඌරාට පණදීම

වැලිගම් කෝරළයෙගි වල්පිට ගමෙහි විසූ සේදර හාමු මහත්මයා ප්‍රසිද්ධ අභිචාර කරුවෙකි. කථා කිරීමේදී මුක්කම් හඳක් මතුවෙන බැවින් මුක්කම් සේදර හාමු යනුවෙන්ද ඇතැමෙක් හඳුවති. දිනක් වල් ඌරෙකු මරාගත් දඩයම් කරුවෝ දෙදෙනෙක් ඌරා පුළුස්සා ලෝම හැරිමින් පිරිසිදු කිරීමේ යෙදී සිටියෝය. සේදර හාමුද මේ ස්ථානය පසුකර ගමනක් යාමට පැමිණියේය. ඔහු එනු දුටු එක් දඩයම් කරුවෙක් කරුවෙක් සිනහවක් පහළකර ඔන්න සේදර හාමු එනවා ඌරාට පණ දෙතැයි පැවසීය. එසේ කීවේ විහිළුවටම නොවේ.පණ යාමට ආසන්න කීප දෙනෙකුන් සුව කිරීමෙන් ප්‍රසිද්ධියක් ලද බැවිනි. මොවුන්ගේ ප්‍රකාශය ගණන් නොගත්තාක් මෙන් අතේ තිබුණ් බස්තම මුව දෙසට ළංකර ගත්තේය. ඌරා පිළිස්සීම පිණිස පා සත එක්කර තිබුණු බැම්ම කපනවාත් සමගම සේදර හාමු බස්තමෙන් පාරක්දී "චං ගෙරියා" යනුවෙන් පැවසීය. පුදුමයකි. දඩයම් කරුවන් පෙරළාගෙන ඌරා අසල වූ වන ලැහැබකට දිව්වේය. ඌරු මස් ගෙන යාමට පැමිණි අයට මෙය පුදුමයක් විය.එකිනෙකා මවිතයෙන්  මවිතයෙන් එකිනෙකාගේ මුහුණු බලාගත්තා මිස වචනයක්වත් කථා නොකළේය. සේදර හාමු ආඩම්බර ලීලාවෙන් එහාට මෙහාට සක්මන් කරමින් දඩයම් කෘවෙකු දෙස බලා අන්න අර පඳුර යට ඌරා ඇත, ගෙනවයි කියමි...