Skip to main content

Posts

Showing posts with the label ගුප්ත විද්‍යාව

ඇදුරෙකුවූ ගුරුවරයා

සත්‍ය රස ගුප්ත විද්‍යා කතාවකි විවාහය කැඩීමට පවුලේ අයම කළ හූනියම ඔහු ගුප්ත විද්‍යා ඇඳුරෙකු බවට පසු කල පත් කරයි. උපාධිය සමත් වූ පසු උපාධි උප ගුරුවරයෙකු ලෙසින් මට දුෂ්කර සේවය සඳහා ගලේවෙල මහා විද්‍යාලයට ස්‌ථාන මාරුවක්‌ ලැබිණි. එය වියළි කලාපයේ මායිමේ ඉතා ජනාකීර්ණ අක්‍රමවත් නගරයකි. නවාතැනක්‌ සොයා ගැනීම ඉතා දුෂ්කර විය. විදුහල්පති හා තවත් ගුරුවරු කිහිප දෙනෙක්‌ විදුහල්පති නිවසේ කාමරවල පදිංචිව සිටියහ. විදුහලේ ඉඩ ඇති කුඩා කාමරවල තවත් ගුරුවරු කීප දෙනෙක්‌ නවාතැන් ගත්හ. තවත් තුන් දෙනෙක්‌ සමඟ මා නවාතැන් ගත්තේ සාදා ඉවර වූ එහෙත් විවෘත කර නොතිබූ විද්‍යාගාරයේ කාමරයකය. බාගයක්‌ කළු ගලෙන් බැඳ ඉතිරි භාගය දැල් ගසා තිබූ බිත්තිවලින් හමා එන සුළං ගිනියම් අව්ව නිවාලන සිසිලක්‌ ගෙනෙයි. ඒත් මේ දැල් තුළින් පියාඹා එන මදුරුවන් නිසා රෑට විද්‍යාගාරය එකම මදුරු ගුහාවක්‌ බවට පත් වෙයි. විද්‍යාගාරය අසලම කූඩයක්‌ ලෙස අතු රවුමට විහිද ගිය මයිල ගසකි. වැලි පාරෙන් එහා වැහි වතුර එකතු වූ අපිරිසිදු කුඩා වැවකි. ඒ කෙළවර තල් ගස්‌ පේළියකි. විද්‍යාගාරයේ අප සමඟ අලුතින්ම පදිංචියට එකතු වූයේ මැදිවිය පසු කළ විමලසූරිය මහතාය. කලක්‌ විදුහල්පතිවරයකු ...

වින කැපීම

කිසිවකු විසින් කරන ලද සූනියමක්‌ සාර්ථකව සිදුවූයේ නම් එහි අයහපත් ප්‍රතිඵල සතුරාට අත්විඳීමට සිදුවන බවට ගැමියෝ තරයේම විශ්වාස කළහ. අණවිණ හදි සූනියම් ආදිය ගැමියාට නුහුරු නුපුරුදු දේ නොවුණාට ඔවුනට මෙකී අභිචාර කර්ම පිළිබඳව සුවිශේෂ දැනුමක්‌ද නොතිබිණි. එමෙන්ම මෙබඳු අනර්ථකාරී අභිචාරයන් සිදුකළේද රහසිගතවම හෙයින් බොහෝ විට ගැමියාට මෙකී අණවිණවලට බලපෑම්වලට ලක්‌වන්නට සිදුවිය. ඉන් මිදීමට නම් "විණ කැපීමක්‌" කළ යුතුය. ඇතැම් අවස්‌ථා වලදී විණ කළ කට්‌ටඬියාම එය කැපීමට ඉදිරිපත් වී තවතවත් මුදල් උපයා ගැනීමට උනන්දු වන අවස්‌ථාද දැකගත හැකිය. තමන් හට අනුන් විසින් සූනියමක්‌ කරතියි බියවන ඇතැම් ගැමියන් එයින් ආරක්‌ෂා වීමට "ආරක්‌ෂා යන්ත්‍ර" හා "ආරක්‌ෂා නූල්" පළඳී බොහෝ විට අණවිණ කරනු ලබන කට්‌ටඬියන් මෙවැනි ආරක්‌ෂා මන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිත කරයි. උදාහරණ ලෙස සෙලිංගු මන්ත්‍රයෙන් තෙල් හා සඳුන් මතුරා ඇඟ ගැල්වීම මගින් සූනියම් බැඳීම වළක්‌වා ගත හැකි යෑයි මන්ත්‍රාචාර්යවරු කියති. තවද ලාඩාගුරු බන්ධනය නම් මන්ත්‍රය කඩපාඩම් කරගත් පමණින් අංගම් පිල්ලි සූනියම් නොවදිතියි විශ්වාස කෙරේ. එමෙන්ම අවිශ්වාස තැන...

කොඩිවින

ලංකාවේ පවත්නා සකලවිධ අභිචාරාත්මක ප්‍රතිකාර කරන්නා වූ භූත විද්‍යා ඇදුරන් මිනිසාගේ යහපත සඳහා මෙන්ම අයහපත සඳහාද මෙම ගුප්ත ශාස්‌ත්‍ර ක්‍රම භාවිත කරනු දැකිය හැකිය. ගුප්ත විද්‍යා ඇදුරන් විසින් කරනු ලබන අභිචාරාත්මක ප්‍රතිකාර කොටස්‌ 2 කට බෙදා දැක්‌විය හැකිය. එනම් සුදු අභිචාර සහ කළු අභිචාර වශයෙනි. සුදු අභිචාර වශයෙන් බෝධි පූජා, සෙත් කවි, තොවිල් වැනි මිනිසාට යහපත සඳහා කරනු ලබන ශාන්තිකර්ම දැක්‌විය හැකිය. කළු අභිචාර ලෙස කොඩිවින, හදි හූනියම්, පිල්ලි යෑවීම්, වස්‌කවි ආදී අන් අයගේ අයහපත උදාකිරීමේ බලාපොරොත්තුව ඇතිව කරනු ලබන යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හැඳින්විය හැකිය. මේවා අතුරින් බොහෝ දෙනාට නම ඇසූ පමණින් බිය උපදවන මනස අවුල් කරවන මිනිසකු විසින් තවත් මිනිසකු වෙත ඊර්ෂියාව, ක්‍රෝධය, පලිගැනීමේ අරමුණින් එල්ල කරන්නා වූ ගුප්තමය බලවේගයක්‌ වූ කොඩිවින හදි හූනියම් හැඳින්විය හැකිය.  නිවැරැදි ප්‍රාණ බල අක්‍ෂර ගණ සංයෝග කොට නියමිත ආකාරයට පිහිටුවීමෙන් තනන අධි ශක්‌තිජනක අයහපතට බර ආවේගයන් ඇතුළත් කොට සකස්‌ කරගන්නා මන්ත්‍ර වාර ගණනක්‌ මැතිරීම තුළින් මෙකී අරමුණු ඉෂ්ටකර ගනී. මිනිසා ස්‌පර්ෂ කළ පරිහරණය කළ දැ මෙන්ම හිස පී...

බෝදිලිමා යකින්න

බෝදිලිමා සතෙක්ද අවතාරයක්ද ? බෝදිලිමා ගැන අප බොහෝ දෙනෙකු අසා ඇතත් අද වන විට මෙම අත්දැකීම ලැබූවන් අතලොස්සක් හෝ සොයාගැනීම අතිශයින් අපහසු කරුණකි.  පෙර මෙම සංසිද්ධිය අත්විඳීමට භාජනය වූ පරපුර වාර්තා කල ආකාරයට ජනවහරට එක්වූ බෝදිලිමා කතාන්දරය හුදු මිත්‍යාවක් පමණක්ද යන්න ගැන සිතා බැලීම වටී .  වේදනාවෙන් මියගිය ගර්භණියකගේ ආත්මය යක්ෂණියක ලෙස පිරිමින් සමග වෛරයෙන් තම  තරහව පිරිමසා ගැනීමට කටුසු වෙස් ගත් යක්ෂණියක ලෙසින් පැමිනෙන බව සාම්ප්‍රදායික විශ්වාසය වේ . දැනට ශ්‍රීලංකාව තුල දක්නට ලැබෙන කටුසු විශේෂ දෙකක සාමාන්‍ය නාමය බෝදිලිමා ලෙස හැදින්වේ . එනම් කඳුකර බෝදිලිමා (Lyriocephalus scutatus) සහ ඉන්දියානු බෝදිලිමා (Chameleon zeylannicus) යන විශේෂ දෙකයි.  මොවුන්ට බෝදිලිමාගේ  ශබ්දය නිකුත් කලහැකි බවට කිසිඳු විද්‍යාත්මක සාක්ශියක් අනාවරනය වී නැත. නමුත් මෙම අත්දැකීම ලබා ඇති අය පවසා ඇති ආකාරයට කටුස්සෙකු හෝ එවැනි සමීප රූපයක් ඇති සත්වයෙකු මෙම ශබ්දය නිකුත් කරන බවත් පිරිමි පාර්ශවයට හානි සිදුකරන බවත් පැවසේ . බෝදිලිමාගේ උපත පිළිබඳව සැලකීමේදී ගර්භණියකගේ මරණය වටා ගෙතුනු මතාන්තරයන් කිහිප...

පසුගිය සියවසේ හොඳම පේනකාරිය

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක්‌ වාණිජ මට්‌ටමෙන් මුල් වරට ප්‍රංශයට යන්නේ 1930 ඔක්‌තෝබර් 05 වැනිදාය. R 101 නමැති මෙය යානය ප්‍රංශයේ උතුරු කොටසේ පිහිටි බීවොයි නමැති ගම්මානයට ගිනිගෙන කඩා වැටෙයි. මංගල ගමනේ නියමුවා වූ පියසර ලුතිනන් කටිතෙල් අර්වින්, බ්‍රිතාන්‍යයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ සෙෆ්ටන් බ්‍රැන්කර්ද සියලු මගීහුද ගුවන් යානා කාර්ය මණ්‌ඩලයද මේ අනතුරින් කැබලි වී මිය යති. අදාළ පාර්ශ්වවලට වන්දි ගෙවීමෙන් ඒ කතාව එතැනින් නිම කිරීමට බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය තීන්දු කරයි. ඊට දින දෙකකට පසු එනම් 1930 ඔක්‌තෝබර් 07 වැනිදා ලන්ඩනයේ ජාතික අධිමානසික පර්යේෂණාගාර රැස්‌වීමක්‌ කැඳවනු ලැබීය. භූතාත්ම සමග කතා කිරීමට හැකි අයලින් ගැරත් නමැති කාන්තාව හරහා ඊට ස්‌වල්ප කලකට පෙර මියගිය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ භූතාත්මය සමඟ සාකච්ඡාවක යෙදීම ඔවුන්ගේ අරමුණයි. තමා කතා කරන්නට යන්නේ කා සමගද යන්න එහි එන තුරුත් අයලින් ගැරත් දැන සිටියේ නැත. මෙය බ්‍රිතාන්‍යයේ අධිමානසික පර්යේෂණ විද්‍යාගාරයේ සම්ප්‍රදායයකි. භූතාත්මය සමග කතා කිරීමට එන තැනැත්තා හෝ තැනැත්තිය කලින් සූදානම් වීම වැළැක්‌වීම සඳහා මෙය අනුගමනය ...

මහසෝන් සමයම

ලංකාවේ පවත්නා අභිචාරාත්මක ප්‍රතිකාර විවිධ වූ ආකාරයට භාවිත වේ. අභිචාර යනුවෙන් හඳුන්වනුයේ අධිභෞතික තත්ත්වයන් පිළිබඳව මිනිසා තුළ ඇති විශ්වාසයන්ය. පවත්නා විශ්වාසයන් අනුව කරන මෙම අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රමය අතීතයේදී භාවිත වූ ප්‍රධාන රෝග නිවාරණ ක්‍රමයකි. තම සංස්‌කෘතික චර්යාවට අනුව රෝග මූලය හඳුනාගත් පසු මිනිසුන් ඒ හා සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමයන්ට යොමු වෙති. මෙම අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රම අතීතයේදී බහුලව භාවිත වුවත් නවීන විද්‍යාවේ දියුණුවත් සමග ටිකින් ටික මිනිසා තුළින් ගිලිහෙමින් පවතී. එය එසේ සිදු වුවද අද ද එම ප්‍රතිකාර ක්‍රමවල පිහිට පතන බොහෝ පිරිස්‌ ගම්බද ප්‍රදේශයන් තුළ දැකිය හැකිය. රෝගී අවස්‌ථාවකදී බටහිර වෛද්‍ය ක්‍රමවල පිහිට පතන පුද්ගලයන් එයින් සුවයක්‌ නොලද අවස්‌ථාවලදී පසුව ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන්ට මාරු වීම් එයිනුත් සුවයක්‌ නොලද අවස්‌ථාවලදී රෝග මූලය අධිස්‌වාභාවික තත්ත්වයක්‌ බව වටහා ගෙන අංජනම් බැලීම, ජ්‍යෝතිෂ්‍යයේ පිහිට පැතීම මගින් ද රෝග මූලය තහවුරු කර ගනිති. මිනිසුන්ව රෝගී කරවීමේ හැකියාව යක්‍ෂයන්ට ඇති අතර ඔවුන් යක්‍ෂ සේනාධිපති වෙසමුනිගෙන් වරම් ගෙන ඇත. එසේ වෙසමුනිගෙන් වරම්ගෙන මිනිසු...

අභියෝගය සැබෑවීම

තරුණ වයසට බොහෝ දෙනකු යමක් දෙස බලන්නේ විමර්ශනාත්මකවය. එහි විශ්වාසයට වඩා සැකය පදනම් වී ඇත. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබා විශ්වවිද්‍යාලයට යන පිරිමි දරුවන් තුළ මේ ස්වභාවය පවතී. එහෙත් උපාධිය ලබා රැකියාවකට ගිය පසු බොහෝ දෙනකු තුළින් ඒ ගති පලා යයි. පරමාදරය, ප්‍රේමය, අමතක වෙයි. යටි සිත දෑවැද්දට ගෙයක්, වාහනයක් බලාපොරොත්තු වෙයි. විප්ලවය, පන්ති සටන, සාධාරණය, යුක්තිය කේඬෑරි වී යයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ කළුතර රාජිත දැන් තිස් වැනි වියේ පසුවෙයි. රැකියාවක් නොකරයි. හිටි හැටියේ හඬ නඟා හිනා වෙයි. ඉකිබිඳ හඬයි. බලාගත් අත බලා සිටී. ආහාර අරුචියෙන් පෙළෙයි. බඩේ දැවිල්ලකින් පීඩා විඳියි. ඔහු සිටින තැන දුඟදක් පැතිරෙයි. හීනෙන් බය වී කෑ ගසාගෙන අවදි වෙයි. මවුපියෝ ඔහුට මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. එහෙත් එයින් ඔහු තව තවත් කෘශ වූවා මිස සනීපයක් නොවුණි. අවසානයේ අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීය. එයින්ද සුවයක් නොවූයෙන් මවුපියෝ ඔහු ආපසු ගෙදර ගෙනාහ. අවසානයේ මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර කරන යෝගී වරයෙකු මුනගැසීමට ඔවුන් තීරනය කලහ. එසේ කළේ ඥාතියකුගේ උපදෙස් පරිදිය. රාජිත විශ්වවිද්‍යාලයේදී ...

දෙපා පණ නැති යුවතිය.

මගේ මතකයේ හැටියට මෙය සිදුවූයේ අදින් වසර අටකට පමණ පෙරය. යන්ත්‍ර මන්ත්‍ර වලට ප්‍රසිද්ධ එක්තරා ඇදුරෙකු ගැනත් ඔහුගේ දක්ෂතා ගැනත් මගේ හිතවතෙකු මා සමග ප්‍රකාශ කර සිටියා. මේ ගැන සොයා බැලීමට උනන්දුවක් මා තුල ඇති වූ නිසා දිනක් එම ඇදුරාගේ නිවසට මා ලඟා උනා. මා එහි යන විට වේලාව උදේ 7 ට පමණ වන්නට ඇති. ත්‍රීවිලයකින් පැමිණි කිහිප දෙනෙකුත් යම් අසනීපයකින් පෙලෙන බව සිතිය හැකි දැරියක්ද අපහසුවෙන් පුටුවක වාඩිවී එහි සිටියා. සුළු වේලාවක් රැඳීසිටි මා එම පිරිස සමග කථාවට වැටුනා. එම දැරිය උසස් පෙල විභාගයට ලියමින් සිටින අතර තුර හඩිසියේම දෙපා පණ නැතිවී රෝගීව රෝහලෙහි මාස 1 1/2 පමණ ප්‍රතිකාර ළබා ඇතත් කිසිම ආකාරයක සුවයක් ලැබී නැහැ. රෝග විනිශ්ඡය සඳහා වූ සියලු පරීක්ෂන වළින්ද රෝගය කුමක්ද යන්න වෛද්‍යවරුන්ටද ගැටළුවක් වී තිබුනා. ඔවුන් කී දෙයින් මා තරමක දෙගිඩියාවෙන් කල් ගත කලා. පෙරවරු 8 ට පමන මහත මිටි සුදු ඇඳුමකින් සැරසීගත් පුද්ගලයෙකු යන්ත්‍ර මන්ත්‍ර කරනු ලබන දේවාලයට ඇතුලු උනා. එහි ඇදුරා ඔහු බව මින් පෙර මෙහි පැමින සිටි අය ප්‍රකාශ කලා. එහි විවිධ පුද පූජා කටයුතු අවසන් කර සේවය ලබා ගැනීමට පැමිණි අය දේවාලය තුලට කැඳවනු ලැබ...