රත්නපුර ප්‍රදේශයේ වාසයකල සර්නේලිස් මැණික් ගැරීමෙන් ජීවත් වන්නෙකි. ගමින් බැහැර මැණික් ගැරීම පිණිස යන සර්නේලිස් ආපසු ගෙදර එන්නේ වාසියක් ලැබීමෙන් පසුවය. දිනක් පොඩි ගල් කෑල්ලක් ලැබී එය විකිණාගත් සර්නේලිස් ගෙදර යාමට අදහස් කලේය. වරුවක් පත්ලේ වැඩකර දවල් ආහාරය වාඩියෙන්ම ගෙන සූදානම් වී ගමට යාමට බසයකට නැංගේය. ගම අසල පිහිටි වෙළඳ පොළෙහි බැසගත් ඔහු ගෙදර ගෙනයාමට සිල්ලර ටිකක් හා එළවලු ටිකක්ද රැගෙන මාලු නොමැති නිසා මස් ටිකක් වත් ගෙන යාමේ අදහසින් මස්කඩයට ගියේය. ඔහු කඩයට ගොඩවෙත්ම මස් වෙළෙන්දා මස් නැතැයි පැවසීය. බලාපොරොත්තුව සුන් වූ සර්නේලිස් ආපසු හැරෙනවාත් සමගම කුකුළෙක් සිටී කැමති නම් ඌ කපා දෙත හැකි යයි මස් කඩකාරයා ප්‍රකාශ කළේය. මද වේලාවක් කල්පනා ක්ළ සර්නේලිස් හොඳයි ඒකවත් දෙන්න යයි ප්‍රකාශ කලේය. කුකුළු කඩයේ සිටි කුකුළා අතට ගෙන කුකුළාගේ බෙල්ලත් වලිගයත් ප්‍රධාන පියාපත් දෙකත් කපා ඉවත දමා කඩේ වහන්න ඕන නිසා මෙන්න මේක ගෙන ගොස් උණු වතුරේ දමා අනිත් පිහාටු සිඳගන්ට යයි කියමින් කුකුළා කඩදාසියක හොඳින් ඔතා සර්නේලිස්ට දී මුදල් ලබා ගත්තේය. සර්නේලිස් බස් නැවතුම් පොළෙහි පැයක් පමණ බසයක් එනතුරු ගෙදර යාමට බලා සිටි...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි