Skip to main content

Posts

Showing posts from June, 2016

ගොම්මන් වේලාවේ කරත්තයට නැගි රූමතිය.

සතියේ පොළෙහි වෙළඳාම් කළ සර්දියෙල් පොළ අවසන් වූ බැවින් කරත්තයත් බැඳගෙන පොළෙන් ගත් ඌරුමස් රාත්තල් දෙක කඩදාසියක ඔතා කරත්තයේ එල්ලා තිබුණු ගෝනි සාක්කුවට දමා පිටත් වූයේය. මේ අවස්ථාව වන විට කඩවීදියේ විදුලි බුබුළුද දැල්වෙමින් තිබුණේය. බුළුගහපිටිය මංසන්ධියට පැමිණි සර්දියෙල් කරත්තය පලාවෙල පාරට හැරවූයේය. ඔහු කොටාමුල්ල පාලම අසලට පැමිනෙනවිට කෑලි කපිය හැකි තරම් අන්ධකාරය පැවතිණ. මහ වැස්සක්ද වැටෙන්නට පටන් ගත්තේය. දෙපස රබර් වතු වලින් ගහන පාලු අන්ධකාර පෙදෙසෙහි ගැල පදවාගෙන එන සර්දියෙල්ට ඒ අසල බස් නැවතුම් පළෙහි නතරව සිටි තරුණියක් කරත්තය වෙතට දුව විත් අයියේ මාත් කැටුව යන්න යයි ඉල්ලීය. පාර අයිනට කර කරත්තය නතර කළ සර්දියෙල් ඇය දෙස බැලීය.හොඳටම තෙමීඑ තෙත්බර වී තිබුණි. කිසිම කථාවක් නැතිව කරත්තයට නගින්න යයි අණ කළේය. ඇගේ සුරුපී බව ලන්තෑරුම් එළියෙන් කරත්ත කරුට හොඳින් දිස්විය. නගා ! කොහාටද යන්නෙ යනුවෙන් මද දුරක් ගිය පසු ඇගෙන් සර්දියෙල් විමසීය." අයියා මා ගියා දෙල්මෑල්ලේ මාමලාගෙ දිහා පාරට වෙලා බලා උන්න කිසිම වාහනයක් ආවේ නැහැ ඒකයි මා පමා උනේ යනුවෙන් පැවසුවාය. ඇය හොඳටම තෙමී සිටි බැවින් සර්දියෙල් ගේ හිසේ බැ...