මිනිසා ගේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දේ විශ්වයේ සිදුවෙයි. ඈත අතීතයේ සිට ම මිනිසා මරණයෙන් පසු යම්කිසි පැවැත්මක් ඇතැයි යන විශ්වාසය මත පුද පූජා හා ඇදහිලි කළහ. මිනිසාට හිතකර වූ එසේ ම ආශිර්වාද කරන්නා වූ උසස් ආත්ම භාවයක් ඇතැයි විශ්වාස කළහ. එසේ ම මිනිසාට අහිතකර වූ ලෙඩ රෝග විපත් ඇති කරන්නා වූ යක්ෂ පේ‍්‍රතාදි ආත්ම භාව ඇතැයි ද විශ්වාස කළහ. ඇතැම් භෞතිකවාදීන් මෙවැනි දේ ගැන මිථ්‍යා ලෙස බැහැර කරමින් අවඥාවට ලක් කරතත්, බුදු දහමට, අනුව ද අනිකුත් ආගම්වලට අනුව ද මරණයෙන් පසු යම්කිසි පැවැත්මක් ඇති බව පැහැදිලි වෙයි. සාමාන්‍ය මිනිසාගේ පියවි ඇසට නොපෙනුණ ද එවැනි සත්ත්ව කොට්ඨාස විශ්වයේ පවත්නා බවට සාධක අතීතයේ මෙන් ම වර්තමානයේ ද ඉදිරිපත් වෙමින් පවතී. එසේ ම මෙම විෂය පිළිබඳ සාකච්ඡා කිරීමට පොත පත කියැවීමට ද බොහෝ දෙනා පි‍්‍රය කරති. අප විසින් ලියනු ලබන මෙම ලිපි පෙළ නිසා ද බොහෝ පාඨකයෝ අවදි වී සිටිති. පෙර අපර දෙදිග වෙද්‍ය විද්‍යාවනට ගෝචර නොවන ලෙඩ රෝග වැළඳුණු රෝගීහු බොහෝ විය පැහැදම් කොට වෙද්‍ය ප‍්‍රතිකාරවලින් නිසි සුවයක් නොලබා ගුප්ත ශාස්ත‍්‍රවලින්වත් පිහිටක් අපේක්ෂා කරති. එවැනි අය මේ ලිපි පෙළ මගින් ගලිගමුවේ ...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි