එතෙර ගිය ඥාති හොල්මන ------------------------ ශ්‍රී ලාංකිකයන් වන අපට ඇත්තේ අතීතයේ සිට උරුම වූ මානව ශිෂ්ටාචාරයකි. යක්‍ෂ, නාග ආදී සත්වයන්ගෙන් අප මුතුන්මිත්තන් තම අවශ්‍ය උදව් පදව් ලබාගත් බව හෙළ ඉතිහාසයේ අපූර්වට සටහන් වී ඇත්තාහ. එනිසා අප ආදිවාසීන් යක්‍ෂ කාන්තාවන්ගෙන් යක්‍ෂයන්ගෙන් ඔවුන්ගේ භව බෝග වගා කර ගැනීම සඳහා වූ අත්උදව් ලබාගත් බව අද ද අපට ඉතිරිව ඇති මුතුන් මිත්තන්ගේ කතාන්තර වලින් අප අසා දැන ඇත්තෙමු. එසේ වූ හෙයින් භූතාත්මයන්, අවතාර, යක්‍ෂ බැල්ම අප රටට පමණක් ආවේණික වූ සංස්‌කෘතික ලක්‍ෂණයක් බව මෑතක් වන තුරු අප විශ්වාස කළෙමු. අප මිනිසුන්ට පමණක් යක්‍ෂයන්, පෙරේතයන්, මළ ආත්මයන්, ශරීරගත වන බවත් බහුතරයකගේ විශ්වාසය වූහ. එවන් අවස්‌ථාවලදී ඔවුන්ගෙන් ගැලවීම සඳහා විවිධ වූ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් තම ශිල්ප පෙන්වූ අවස්‌ථාවන් ගැන ද පොත පත මෙන්ම කටකතා ද හොඳම සාක්‍ෂිය. එහෙත් මෑතක් වන තුරු අපටම ආවේණික වූ මළ අවතාරයන් ගැවසීම හොල්මන් කිරීම, භූතයන් වැහීම ආදිය අද වන විට විදේශ රටවල ද ඇති බව පිළිගැනීමට සිදුව ඇතත්, ඒ පිළිබඳ කලඑළියක් නොවූයේ එවන් විටක එයින් මිදීම සඳහා මෙරට මෙන් ප්‍රබල යන්ත්‍ර මන්ත්‍ර ග...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි