Skip to main content

Posts

Showing posts from June, 2017

අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය

කරදර වුණ අයට ඇස් පනාපිටම පිහිට වෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් උදෙසා පැවැත්වෙන දේව ආරාධනය මම අසා සිටියෙමි. දස දෙසින් පැමිණි භක්තිවන්තයන් තමන් පැමිණි කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වනු උදෙසා විවිධාකාර වූ පූජාභාණ්ඩද සහිතව දොහොත් මුදුන් තබාගෙන සිටිති. “අප භාග්‍යවත් සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ උතුම් වූ බුද්ධාදී රත්නත්‍රය ප්‍රධාන කොට ඇත්තා වූ දෙවියන් වහන්සේලාගේ දේව නාමවල් මුදුන්පත් කරවාගෙන තවද තුන්සිය හැටක් සමයංවලට නායකව යක්ෂසේනාව පිරිවරා ලක්දිවට ගොඩබැස සතර කෝරළය බඩ මනෝරම්‍ය දිව්‍ය විමානයක් කරවා අලුත්නුවර යැයි සිරිලකට අණසක පතුරුවා චිරාත්කාලයක් වැඩ වසන වාහල බණ්ඩාර දැඩිමුණ්ඩ දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේ. මේවැනි මේ බලියාග ශාන්තියට දේවාශීර්වාද කොට එවැනි ඒ තේජානුභාව බලයෙන් ආතුරයන්හට පැමිනි ලෙඩ දෝෂ දුරු වී සුබ ශාන්තියක් වේවා” දේව මන්දිරය ඇතුළාන්තයෙන් නැගෙන දෝංකාරය දෙමින් හඬ නැගෙන හඬින් තම තමන් සිත් උඩරටට උරුම මුල් ඇඳුමෙන් සැරසී දකුණත නිල්වන් වේවැලක් දරා සිටින දැඩිමුණ්ඩ දේවතා හාමුදුරුවන් වහන්සේ වෙත සියල්ලෝම ආකර්ෂණයව බලා සිටිති. වත්පිළිවෙත සිදුකිරීම් අන්...

දේව උදහස

කැබිලිත්ත දේවාලය අසලදී වලිකුකුළු මස් කෑ ලොක්කාට අතීසාරය කතරගම දෙවි`දුන් පිළිබදවූ විශ්වාසය පානම්පත්තුවේ ජනතාවගේ හදවත් තුළ පැළපදියම්වී ඇත්තේ විවිධ හාස්කම් හේතුවෙනි. ඒ නිසා කතරගම දෙවි`දුන් උදහස් කරගැනීමට කතරගම දෙවිදුන්ගේ අඩවියේ වෙසෙන කිසිවෙකුත් කැමති නැත. දශක ගණනාවකට පෙර මේ ප‍්‍රදේශයේ ජනතාවගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය ගොවිතැනයි. හේන් වගාව මෙන්ම කුඹුරුවල ‘‘වී’’ ගොවිතැනත්, හේන්වල ‘‘ඇල් වී’’ වගාවත් ඒ අතර ප‍්‍රමුඛ තැනක් ගනී. ‘‘ඇල් වී’’ වලට අමතරව කුරක්කන්, අමු, මෙනේරි, බඩඉරි`ගු, මුං, කව්පි ආදී ධාන්‍ය වගාව හේන්වල සිදුකෙරිණි. හේන් වගාව ආරම්භ කිරීමට පෙර සිදුකරන ‘‘සක්කර පූජාව’’ මෙන්ම හේනේ අස්වනු නෙලීමෙන් පසු එහි මුල් කොටස ගෙන ‘‘මුරුතැන් පූජාවක්’’ හේනේදීම පැවැත්වීම හේන් ගොවියාගේ සිරිතයි. ඒ සදහා හේනේ වගාකර ඇති ධාන්‍ය වර්ග වලින් ටික ටික එකතු කර සීනි, හකුරු, පොල් ආදිය එක්කර ‘‘මුරුතැන් බතක්’’ පිළියෙල කරගනු ලබයි. එම මුරුතැන් බත හේනේ පැලේදීම සැකසීම විශේෂත්වයයි. එහි අග‍්‍ර කොටස දෙවියන් වෙනුවෙන් තබා ඉන්පසු අහළ පහළ හේන්වල සිටින ගොවියන් සියලූ දෙනාම තම හේනට කැදවා ‘‘මුරුතැන් බත්’’ කෑමට දෙනු ලබයි. මෙය ‘‘සක්කර...

දේශීය අස්ථි චිකිත්සාව - විශ්මිත හොරිවිල වෙදකම

අපේකම කියා දුන් හොරිවිල වෙදදුරු (කාංචන කුමාර ආරියදාස) දකුණු අප්‍රිකාවේ බර ඉසිලීමේ ක්‍රීඩකයකුට ඇතිවූ කොන්දේ හා බෙල්ලේ ඇතිවූ ආබාධිත තත්වයක් නොමිලේ සුවකර දීමට දේශීය පාරම්පරික හොරිවිල කැඩුම් බිදුම් වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ඉදිරිපත් වී සිටියි . මෙසේ සුවය ලබමින් සිටින්නේ ජස්ටින් ශේන්ග්වන් (30) නමැති තරුණයායි. මේ තරුණයා දකුණු අප්‍රිකාවේ දරුණු ලෙස පවතින වර්ගවාදී පිඩනයට හසුවී ඩුබායි වලට පැමිණ සිටියි . කුඩා කාලයේ සිට මළල ක්‍රීඩා කළ ඔහු බර ඉසිලීමේ පුහුණුවීම් තුළදී කොන්ද හා බෙල්ලේ අභ්‍යන්තර ආබාධයකට ලක්ව ඇත. වසර ගණනාවක් විවිධ රට වලින් බටහිර ප්‍රතිකාර ලබා ගෙන ඇත . ඔහු අවසානයේ රෝගී තත්වය නිසා මානසික ආතතියට පත්ව රැකියාවේ පවා ප්‍රශ්න ඇතිවී තිබේ . ඩුබායි හිදී  ශ්‍රි ලංකාවේ මිතුරකු හමුවී මේ තරුණයාට හොරිවිල වෙදැදුරු ශාන්ත සෙනවිරත්න මහතා ලෙඩ රෝග සුව කරන ආකාරය පිළිබඳව වීඩියෝ පටයක් අන්තර් ජාලය හරහා පෙන්වා ඇත . ඒ අනුව තමන් සේවය කරන ඩුබායි හි පුද්ගලික ආයතනයෙන් යාමට ඒමට ගුවන් ටිකට්පත් වලට මුදල් ඉල්ලා ගත් ජස්ටින් රු 40000ක් මුදලක් සොයාගෙන පසුගිය අප්‍රේල් 17 වැනි දා ලංකාවේ හොරිවිලට පැමිණ ...

ටෙලිපති ගැන තොරතුරු

උපුටා ගැනීම : රිවිර 

අහුපිනි ඇල්ලේ හොල්මන

විනිසුරු නිවස මුර කළ තරුණයා