Skip to main content

Posts

Showing posts from August, 2017

බ්‍රිතාන්‍යයේ අදිසි නවාතැන

මෙලොව පණ ඇති මිනිසකු අඩිය නොතබන කුරිරුකම් ගැබ්ව ඇති නපුරු දුෂ්ට ආත්මයන්ගෙන් සැදුම්ලත් ස්‌ථාන තිබෙන බව විශ්වාස කරන මිනිසුන් අදටත් සිටී. විවිධ අපරාධවලට ලක්‌වූවන් සහ ඇතැම් දුෂ්ට පුද්ලයන්, මරණයට පත්වීමෙන් ඔවුන්ගේ ආත්ම ද්වේශසහගත සිතිවිලිවලින් පණ ඇත්තවුන් පෙළීමට ලක්‌ කරන්නේය. යනු ඔවුන් විශ්වාස කරන ඒ එක්‌ මතයකි.

රොබට් නොක්ස් දුටු ලංකාවේ සර්ප වෙදකම

"ඖෂධ පැලෑටි වලින් ලක් වැසියන්ට කිසිම අඩු පාඩුවක් නැත බෙහෙතක් ගතයුතු කල ඔවුන් යා යුත්තේ කැලෑවටය, එහි ඕනෑම බෙහෙතක් ඇත. එහෙයින් කැලෑව ඔවුන්ගේ බෙහෙත් ශාලාව වන්නේය. කැලේ වැවෙන බෙහෙත් පැලෑටි වල කොළ,පොතු,අතු යන මේවා එකතු කර සාදා ගන්නා පත්තු ආලේප වශයෙන් භාවිතා කරති. දුස්සාධ්‍ය වූ නොයෙකුත් රෝග මෙම ඔසු වලින් සුව වන්නේය. " "බොහෝ විට සිංලයන් ඔවුන්ගේ ලෙඩට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්ම වශයෙන් භාවිතා කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හා යකැදුරුකම් ය. මේ රටේ එක් විශේෂයක් ඇත. එනම් රටේ හැමෝම වෙද්දුය. මේ රටේ එ සදහා වෙන වෙනම නම් දැරූ විශේෂ වෛද්‍ය වරු හෝ ශල්‍ය වෛද්‍යවරු නැත්තාහ. කශාය බෙහෙත් ගැන සහ කැඩුම් බිදුම් පෑස්සුම් ගැන කොයි කාටත් සාමාන්‍ය පලපුරුද්දක් ඇත්තේය. " "සිංහලයන් සර්ප විෂ බස්වන්නට හා සර්පයන් සපා කැමෙන් වලකින්නට මන්ත්‍ර ගුරුකම් කිරීමෙහි ගජ සමත්තුය. " "රොබට් නොක්ස්" නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් රචනා කරන ලද "නොක්ස් දුටු ලංකාව" යන ග්‍රන්ථය කියවා ඇති අයෙකුට ඉහත උපුටා ගැනීම් අරුමයක් නොවනු ඇත. කන්ද උඩරට රාජධානිය පැවතියේ ඉතා ඈත අතීතයේ නොවේ. ක්‍රි.ව. 1...

ජ්‍යෝතිෂය නිර්මාණය සහ විකාශනය

ශ්‍රී ලාංකිකයන් වූවද බටහිර විද්‍යාව අදහන නූතන පරපුරේ අප බොහෝ දෙනෙක්‌ අපගේම අතීතය ගැන සිතන්නේ මෙසේය. "දැන් අපි බොහෝ දියුණුවෙමින් සිටිමු. විද්‍යාවේ අනුහසින් බිහිවූ විවිධ ගෘහ භාණ්‌ඩ විසින් ජීවිතය පහසුකරවා තිබේ. අපේ මුතුන් මිත්තෝ නූගතුන් වූහ. ඔවුන් ජීවත් වූයේ ගොවිතැනිනි. බොහෝ ඈත අතීතයේ මෙකල මෙන් කාලගුණ අනාවැකි කීමට තරම් විද්‍යාව දියුණුව තිබුණේ නැත. පසුකලෙක හිරු සහ සඳු ගේ බලපෑම අනුව වර්ෂාව ඇතුළුව කාලගුණය වෙනස්‌ වන බව ඔවුහු දැනගත්හ. අහසේ තරු රටා දැන ඒවායේ හැඩය අනුව සිංහ, වෘෂභ ආදී නම් වලින් එම තරු පංති හැඳින් වූහ. සමහරු ඒවාට දේවත්වයක්‌ ආරෝපණය කළහ. හිරු දෙවියෝ ආදී වශයෙනි. මෑතක්‌ වන තුරුම අපේ මුතුන් මිත්තන් ජීවත් වූයේ ගොවිතැනිනි. පසුකලෙක වෙනත් රටවල බිහිවූ විශිෂ්ට විද්‍යාඥයන්ගේ විවිධ සොයා ගැනීම් නිසා තාරකා විද්‍යාව බිහිවිය. පසුව දුරේක්‍ෂය නිපදවා ගැනීමත් සමඟ විශ්වය නිරීක්‍ෂණය කිරීමට තරම් තාරකා විද්‍යාව දියුණු වී ආවේය. එහි ගෞරවය ගැලිලියෝ ඇතුළු විද්‍යාඥයන්ට හිමි වේ. සුනිල්  කුමාර ගම්ලත් කෑගල්ල

රත්නපුරෙන් මතුවූ කථාකරන භූතයා

මෙලොව ජීවත් වන කිසිවකුත් විශ්වාස නොකරන තරම් විස්‌මිත වූ සිදු වීමක්‌ බිහිසුණු විලසින් ඇස්‌ පනා පිටම අත්විඳි පුද්ගලයකුගේ ඇඟ කිලිපොළා ගිය නොමැකුණු මතකය ඇසූ මසිත කකාරවන්නට විය. හුදෙක්‌ චිත්‍රපට/ නවකතා/ ජනකතා වල පමණක්‌ අසා තිබූ හද සසල කරවන මේ භූත ආත්ම පිළිබඳ පුවත දියුණුවෙන් උපරිමයට ගිය මෙවැනි සියවසක මිනිසුන් කෙසේවත් පිළිනොගනු ඇත. නමුත් මෙය නම් සත්‍යයකි. මීට වසර කිහිපයකට ඉහත රත්නපුර මුද්දූව ප්‍රදේශයම භීතියට පත් කළ භූත ආත්මයක්‌ පිළිබඳ රාවය මා ද මීට පෙර අසා තිබුණ නමුත් ඒ පිළිබඳ වැඩිපුර තොරතුරු දැන නොසිටියෙමි. කෙසේ වෙතත් එහි ගැබ් වූ භීතිය හා ත්‍රාසය නිසාම එහි තිබූ භූත ආත්මය හා ඒ සිදුවීම පිළිබඳ තොරතුරු සොයා බැලීමට මා හට සිත් වන්නේ මෑතකදී ඇහැලියගොඩ ප්‍රදේශයේ සැරිසරනවා යෑයි රාවයක්‌ යන භූත ආත්මයක පුවතක්‌ කරළියට ඒමත් සමගය. රතන්පුර ප්‍රදේශයේ සිදුවූ සත්‍ය සිදුවීමකි. උපුටා ගැනීම : දිවයින පුවත්පත් වාර්තාවක්