බෝදිලිමා සතෙක්ද අවතාරයක්ද ? බෝදිලිමා ගැන අප බොහෝ දෙනෙකු අසා ඇතත් අද වන විට මෙම අත්දැකීම ලැබූවන් අතලොස්සක් හෝ සොයාගැනීම අතිශයින් අපහසු කරුණකි. පෙර මෙම සංසිද්ධිය අත්විඳීමට භාජනය වූ පරපුර වාර්තා කල ආකාරයට ජනවහරට එක්වූ බෝදිලිමා කතාන්දරය හුදු මිත්‍යාවක් පමණක්ද යන්න ගැන සිතා බැලීම වටී . වේදනාවෙන් මියගිය ගර්භණියකගේ ආත්මය යක්ෂණියක ලෙස පිරිමින් සමග වෛරයෙන් තම තරහව පිරිමසා ගැනීමට කටුසු වෙස් ගත් යක්ෂණියක ලෙසින් පැමිනෙන බව සාම්ප්‍රදායික විශ්වාසය වේ . දැනට ශ්‍රීලංකාව තුල දක්නට ලැබෙන කටුසු විශේෂ දෙකක සාමාන්‍ය නාමය බෝදිලිමා ලෙස හැදින්වේ . එනම් කඳුකර බෝදිලිමා (Lyriocephalus scutatus) සහ ඉන්දියානු බෝදිලිමා (Chameleon zeylannicus) යන විශේෂ දෙකයි. මොවුන්ට බෝදිලිමාගේ ශබ්දය නිකුත් කලහැකි බවට කිසිඳු විද්‍යාත්මක සාක්ශියක් අනාවරනය වී නැත. නමුත් මෙම අත්දැකීම ලබා ඇති අය පවසා ඇති ආකාරයට කටුස්සෙකු හෝ එවැනි සමීප රූපයක් ඇති සත්වයෙකු මෙම ශබ්දය නිකුත් කරන බවත් පිරිමි පාර්ශවයට හානි සිදුකරන බවත් පැවසේ . බෝදිලිමාගේ උපත පිළිබඳව සැලකීමේදී ගර්භණියකගේ මරණය වටා ගෙතුනු මතාන්තරයන් කිහිප...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි