එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ තේම්ස් නදියට මුහුණලා අලංකාර මන්දිරයක් පිහිටා තිබේ. එය හැම්ප්ටන් කෝට් මන්දිරය ලෙස නම්කර ඇත. 16වන සියවසේ ඉදිකරන ලද මෙය අවසන්වරට වාසස්ථානය බවට පත්කර ගනු ලැබුවේ දෙවැනි ජොර්ජ් රජතුමා විසිනි. ඔහුගෙන් පසු දිගු කාලයක් පාවිච්චියට නොගත් හැම්ප්ටන් කෝට් මන්දිරය මේ වනවිට සංචාරක ආකර්ෂණය දිනාගත් කෞතුකාගාරයක් බවට පත්ව තිබේ. නවීන තාක්ෂණ ක‍්‍රමවේදත් සමග හැම්ප්ටන් කෝට් මන්දිරයට සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධති සවිකරනු ලැබුවේ 2003 වසරේදීය. නමුත් මෙතෙක් හැම්ප්ටන් කෝට් මන්දිරය වටා තිබූ සියලූම හොල්මන් සහ අවතාර කතා පිළිබඳව මිනිසුන් තුළ අලූත් හැගීමක් ඇතිවෙන්නට පටන් ගනු ලැබුවේ ඉන් අනතුරුවය. මෙම කැමරා පද්ධතිය සවිකිරීමෙන් පසු දින හතරක් තුළ අවස්ථා හතකදී කැමරා පද්ධති හයකට විවිධ ප‍්‍රහාර එල්ල වුණි. නමුත් ඒවා එල්ල කළ පුද්ගලයෙකු පිළිබඳව එම කැමරාවල පවා කිසිදු ආකාරයකින් සටහන්වී නොතිබීම පුදුමයට කරුණක්ව තිබිණි. දිනක් සවස 7ට පමණ සීසීටීවී ආරක්ෂක කැමරා පද්ධතියේ පාලක පුවරුව අසළ සේවයේ යෙදෙමින් සිටි ආරක්ෂක නිලධාරියෙකුට අමුතුම ආකාරයේ රුවක් දැකගන්නට ලැබිණි. ඒ යම්කිසි කෙසග පුද්ගලයෙකු මන්දිරය ...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්ර-මන්ත්ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි