15 වන සියවසේ එංගලන්තය පුරා ගුප්ත විද්‍යා කටයුතු පිළිබ`ද උනන්දුවක් පැතිරී පැවතුණි. ගුප්ත විද්‍යා කටයුතු හෙවත් මායාකර්ම කරන්නන්ද, ඒවායේ සේවය ලබා ගන්නන්ද එකල බහුල විය. ”උර්සුලා කෙම්ප්” එකල එංගලන්තයේ විසූ ප‍්‍රකට මායාකාරියකි. එසේත් නැතිනම් යක් දෙස්සියකි. උර්සුලා වින්නඹුකම් කරමින්ද, රෝගීන්ට අත්බෙහෙත් හා කෙම් කරමින්ද ජීවිකාව සපයාගත් තැනැත්තියකි. එහෙත් ඇයට සුවිශේෂී බලයක් තිබුණු බව පැවසේ. අමනුෂ්‍ය බලවේගයන් ආරූඪ වූවන් ඒවායින් මුදවා ගැනීමටද, විශේෂ බෙහෙත් වර්ගවලින් රෝගීන් සුවපත් කිරීමටද ඇයට මායා බලයක් තිබිණ. ඇය අසල්වැසියන්ට කාරුණිකව සැලකූ යහපත් කාන්තාවක හා දයාබර මවක ලෙසින් හො`ද නමක් දරා උන්නාය. එහෙත් ඇගේ මායා බලය හේතුවෙන් ඇය මායාකාරියක ලෙස හ`දුන්වනු ලැබුවාය. 1560ත් 1630ත් අතර කාලය තුළ යුරෝපය පුරා මායාකර්ම (අසඑජයජර්ඓ* කළ බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන මරා දමනු ලැබූහ. යක්දෙස්සන් හා යක්දෙස්සියන් යැයි සැක කළ දහස් ගණනක් සිරගත කොට වධ හිංසා පමුණුවා එල්ලා මරා දමන්නට එකල සිටි පාලකයෝ කටයුතු කළහ. උර්සුලා කෙම්ප්ගේ අසල්වැසියෝද ඇය මායාකාරියක, යක්දෙස්සියක යැයි වංශාධිපති බ‍්‍රයන් ඩාර්සිට පැමිණිලි කළහ. උ...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි