ඒ 1967 වර්ෂයයි. එකල මම ගලේවෙල මහා විද්‍යාලයේ උප ගුරුවරයකු ලෙස සේවය කළෙමි. ගලේවෙල හා දඹුල්ල අතර පිහිටි තලකිරියාගම නමැති ගම්මානයෙන් හැරී ගුරු පාරක් දිගේ සැතපුම් පහක් පමණ ගිය විට හාත්පසින් වනාන්තරයෙන් වට වූ 'දඬුබැඳිරුප්ප' නම් පාරම්පරික පැරැණි ගම්මානය හමු වෙයි. ගලේවෙල සිට කලාවැව බැම්ම දිගේ අවුකනට විහිදෙන පාරේ බුදුගේහින්න හන්දියෙන් හැරී සැතපුම් පහක් පමණ වන තීරුව දිගේ ආ විට ද දඬුබැඳිරුප්ප ගමට ආ හැක. මුළුමනින්ම වනයෙන්, වන සතුන්ගෙන් ගහන වනගත පාරම්පරික ගම්මානයක් වූ දඬුබැඳිරුප්පේ සියලු පවුල් එකට එකතු වී අවුරුද්දකට වරක් දඹුල්ල විෂ්ණු දේවාලයට පෙරහැරක් පවත්වති. ඒ හුදකලාව වන මැද ජීවත්වන ඔවුන්ට දේව පිහිට ලබා ගැනීමටයි. මේ ගමේ මළ ගෙදරකට යැමට අපට සිදුවිය. උසස් පෙළ පන්තියේ ළමුන් කණ්‌ඩායමක් සමඟ ඔයවල්, දිය දහරා පසු කරමින් ගුරුපාර දිගේ වනය මැදින් දඬුබැඳිරුප්පට ගිය ගමන මට තවම ඊයේ මෙන් මතකය. ඉතා චාම් පැරැණි ජීවිත ගමේ විය. ගමේ පන්සලේ අවුරුදු අනූව පසුකළ ඉතා වයස්‌ගත හිමිනමක් ගිලන්ව සිටින බව ඒ ගමෙන් පාසල් එන ශිෂ්‍යයෝ මට කීහ. "අවුඩන්ගාවේ හාමුදුරුවෝ කිව්වොත් මුළු පළාතම ප්‍රසිද්ධයි. අ...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි