කිසිවකු විසින් කරන ලද සූනියමක් සාර්ථකව සිදුවූයේ නම් එහි අයහපත් ප්‍රතිඵල සතුරාට අත්විඳීමට සිදුවන බවට ගැමියෝ තරයේම විශ්වාස කළහ. අණවිණ හදි සූනියම් ආදිය ගැමියාට නුහුරු නුපුරුදු දේ නොවුණාට ඔවුනට මෙකී අභිචාර කර්ම පිළිබඳව සුවිශේෂ දැනුමක්‌ද නොතිබිණි. එමෙන්ම මෙබඳු අනර්ථකාරී අභිචාරයන් සිදුකළේද රහසිගතවම හෙයින් බොහෝ විට ගැමියාට මෙකී අණවිණවලට බලපෑම්වලට ලක්‌වන්නට සිදුවිය. ඉන් මිදීමට නම් "විණ කැපීමක්" කළ යුතුය. ඇතැම් අවස්‌ථා වලදී විණ කළ කට්‌ටඬියාම එය කැපීමට ඉදිරිපත් වී තවතවත් මුදල් උපයා ගැනීමට උනන්දු වන අවස්‌ථාද දැකගත හැකිය. තමන් හට අනුන් විසින් සූනියමක් කරතියි බියවන ඇතැම් ගැමියන් එයින් ආරක්‌ෂා වීමට "ආරක්‌ෂා යන්ත්‍ර" හා "ආරක්‌ෂා නූල්" පළඳී බොහෝ විට අණවිණ කරනු ලබන කට්‌ටඬියන් මෙවැනි ආරක්‌ෂා මන්ත්‍ර අනිවාර්යයෙන්ම භාවිත කරයි. උදාහරණ ලෙස සෙලිංගු මන්ත්‍රයෙන් තෙල් හා සඳුන් මතුරා ඇඟ ගැල්වීම මගින් සූනියම් බැඳීම වළක්‌වා ගත හැකි යෑයි මන්ත්‍රාචාර්යවරු කියති. තවද ලාඩාගුරු බන්ධනය නම් මන්ත්‍රය කඩපාඩම් කරගත් පමණින් අංගම් පිල්ලි සූනියම් නොවදිතියි විශ්වාස කෙරේ. එමෙන්ම අවිශ්වාස තැන...
අප සතුව තිබූ හෙල වෙදකම, යන්ත්‍ර-මන්ත්‍ර, දෝසතර, ගොවිතැන ආදී වූ පාරම්පරික දැනුම් සම්භාරය පිලිඹඳ සීමිත විමර්ශනයකි