Skip to main content

Posts

Showing posts from May, 2017

රත්නපුර පානදුර පාරේ අදිසි කත

    රත්නපුර පානදුර පාරේ ඇල්ලගාව පසුකර යන එන රියැදුරන්ට මඩල හන්දියත් එපිටවලත් අතර පාළු වංගු පාරේ මහ රෑ හමුවන සුදුවත හැඳි කත ගැන මම කිහිපවිටක්ම අසා ඇත්තෙමි. එහෙත් ඒ ගැන මගේ මතකය අවදි වූයේ පසුගිය දිනක මම හදිසියේ අසනීප වී රත්නපුර මහ රෝහ‍ලේ නේවාසිකව සිටියදී මැදියම් රැයේ හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහලට ගෙනෙනු ලැබූ තරුණයකු අව සිහියෙන් කළ නන් දෙඩවිලි ඇසෙද්දීය. මා සිටියේ ද එම වාට්ටුවේම ය. මැදියම් රැය ගෙවී යනතුරු නින්දත් නොනින්දත් අතර ලෙඩ ඇඳ මත පෙරළෙමින් සිටි මට නොදැනීම දෙනෙත් පියවී තිබුණත් යළිත් ඒ නින්ද බිඳුණේ මා පසුකරගෙන ලෙඩකු රැගෙන ගිය ටේ‍රාලියක කරච්චලයෙනි. මගේ ඇඳට ඇඳන් දෙකක් පමණ පසුකර ගිය ටේ‍රාලිය එතැන තිබුණු හිස් ඇඳක් ළඟ නැවතිණි. රෝහල් සේවකයෝ  රෝගියා ඔසවා තබන්නට දැඩි වෙහෙසක් ගත්හ. ඔහු වේදනාවෙන් කෙඳිරි ගෑවේය. ඔහුගේ කෙඳිරියටත් වඩා මට දැනුණේ බියපත්ව දොඩවන බවකි. ඔහු අස්වසන්නට හෙදියන් මෙන්ම භාරකරු යැයි සිතිය හැකි මැදි වියේ අයකුද මහන්සි ගත්තත් හිටි හැටියේම බිය පත්වූ රෝගියා ඇඳෙන් පනින්නට හදන හැටිත්, නන් දොඩවන අයුරුත් මා බලා සිටියේ දැඩි කුතුහලයෙනි. ඒ වනවිට වාට්ටුවේ...

වොරන්ගේ භූත කෞතුකාගාරය

ඔබ 'The Conjuring' චිත්‍රපටය නරඹා තිබෙනවානම් එඩ් හා ලොරේන් වොරන් දෙපළ ගැන හොඳින් දන්නවා ඇති. එඩ් හා ලොරේන් යනු 1950 තරම් ඈත කාලයේ සිට අභිරහස්, ගුප්ත හා භූත වැනි අධි සාමාන්‍ය සිදුවීම් විමර්ශනය කිරීමෙහි නිරත වූ දෙපළක්. ඔවුන්ගේ වෘත්තීය දිවිය පුරා ඔවුනට හමුවී ඇති විවිධ වූ අද්භූත හා අධි සාමාන්‍ය වස්තූන් ඉතා විශාල ප්‍රමාණයක් ඔවුන්ගේ නිවසේ බිම් මහලෙහි රැස් කර ඇති අතර මෙම යුවල විසින් 1952 දී එය කෞතුකාගාරයක් ලෙස විවෘත කර තිබේ. කෞතුකාගාරයේ වෙබ් අඩවියට අනුව නම් මෙම 'The warren's Occult museum' (වොරන්ගේ ගුප්ත කෞතුකාගාරය) අද්භූත වස්තූන්ට පමණක් වෙන්වී තිබෙන ලෝකයේ පැරැණිම හා එකම කෞතුකාගාරය වනවා. http://paranormallk.blogspot.com මෙම කෞතුකාගාරයේ ඇති බොහෝමයක් වස්තූන් New England Society for Psychic Research (NESPR) නම් සංගමය (වොරන් දෙපළගේ සංගමයක්) මඟින් සිදු කරන ලද පරීක්ෂණ මඟින් එක්රැස් කරන ලද ඒවායි. මේ අතරට එඩ් විසින් 1960-70 කාලයේදී අඳින ලද චිත්‍ර පවා ඇතුළත්. ඉතා බිහිසුණු, භූතාවේශ වූ හා ආවේශ වූ වස්තූන්. මෙවැනි මාදිලියේ කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් මෙහි දක්නට ලැබෙන අතර මේ...

අවතාර ගැන නොදත් කථා

සාමාන්‍යයෙන් අවතාර ස්ථානය හෝ වේලාව සම්බන්ධයෙන් තැකීමක් නොකරන බවට සැලකුණද සමූහ අවතාර පෙනී සිටින්නේ ඔවුන්ගේ නමින්ම ඇඟවෙන පරිදි පිරිසක් හෝ ජන සමූහයක් රැස්ව සිටින ස්ථානවලය. මෙම අවතාර එලෙස ජන සමූහයක් වෙතට ආකර්ෂණය වන්නේ ඇයිද යන්නට නිශ්චිත හේතුවක් හෙළිවී නොතිබුණද ඒ සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති උපකල්පනයන් කිහිපයකි. යම් ස්ථානයකින් නිකුත් වන ශක්ති විශේෂයකට ඇතිවන ආකර්ෂණය, පිරිසක් ඡායාරූපයට නගන ඡායාරූප ශිල්පියා කෙරෙහි ඇතිවන ආකර්ෂණය, පිරිසේ සිටින යම් එක් නිශ්චිත පුද්ගයෙකු කෙරෙහි ඇතිවන ආකර්ෂණය මෙන්ම එලෙස සමූහ වශයෙන් පෙනී සිටීමේදී පහසුවෙන් අවධානයට ලක් වීමට හැකි වීම යනාදී වශයෙන් මෙම උපකල්පන විවිධාකාරවේ. එසේම සමූහ අවතාරවල සතු තවත් විශේෂත්වයක් වන්නේ මොවුන් එකවර සමූහ වශයෙන් පෙනී සිටීමයි. මෙහිදී ඔවුන් මිනිස් ඇසට හඳුනා ගත නොහැකි පරිදි විවිධ විකාරරූපී හැඩවලින් පෙනී සිටිය හැකිය. සත්ව අවතාර මිනිස් පවුල්වල ළබැඳි සාමාජිකයින්ව සිටි සත්ව සුරතලුන්ගේ අවතාර පිළිබඳ වාර්තාද ඉතිහාසයෙන් ඕනෑතරම් සොයා ගත හැකි අතර 1800 වකවානුවේදී ඇමරිකාවේ විසූ ජෝන් බෙල්ගේ පවුලට මුහුණ දීමට සිදුවූ අවතාර සම්බන්ධ සිදුවීම් මාලාව නොහොත් සුප්‍ර...

ඇමිටිවිලාව එදා සහ අද

මුළු ලෝකයේම ප‍්‍රසිද්ධියට පත් වුණු ඛේදජනක මිනීමැරුම් සිද්ධියක් හේතුවෙන් ඇමිටිවිලා නිවස ප‍්‍රසිද්ධියට පත් වූයේ 1974 වසරේ දී ය. ඒ රොනල්ඞ් ඩිෆියෝ නම් වූ තරුණයෙකු ඔහුගේ මවත්, පියාත්, සහෝදරියන් දෙදෙනා සහ සහෝදරයින් දෙදෙනාත් ඔවුන්ගේ නිදන කාමර තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුවය. හරියටම 1974 වසරේ නොවැම්බර් මස 13 වන දා පාන්දර 3ට සිදු වූ මෙම සය පුද්ගල ඝාතනයෙන් පසු ඇමිටිවිලා නිවස වසා දමා තිබුණේ රොනල්ඞ් බන්ධනාගාර ගතවීම නිසා ය. ඉන්පසු මෙම නිවස පිළිබඳව ප‍්‍රදේශවාසීන්ගේ අවදානයට ලක් වූයේ හොල්මන් ගෙයක් ලෙස පමණි. කිසිවෙකුත් රාත‍්‍රී කාලයේ මෙම නිවස අසලින් ගමන් කිරීමට පවා මැලි වූහ. නිදන කාමර පහක් සහ නාන කාමර තුනක් සහිත දෙමහල් නිවසක් වූ මෙය ඉන්පසු අලෙවි වී තිබුණේ ඉතා අඩු මුදලකටය. ඇමෙරිකන් ඩොලර් 850000 කට මෙම නිවස මිලදී ගනු ලැබුවේ ලට්ස් පවුල විසිනි. ලට්ස් පවුලේ සාමාජිකයන් ගණන 5කි. ජෝජ් සහ කැතී නම් වූ තරුණ අඹු සැමි යුවළට සිටි දරුවන් ගණන තිදෙනෙකි. ඔවුන් ඇමිටිවිලාවේ පදිංචියට පැමිණි මුල් දින කීහිපයේ ඉතා සුවදායී දිවියක් ගත කළ ද පළමු සතියෙන් පසු විවිධ අද්භූතජනක දෑවලට මුහුණ දෙන්නට ඔවුන්ට සිදුවිය. න...

පසුගිය සියවසේ හොඳම පේනකාරිය

බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් යානයක්‌ වාණිජ මට්‌ටමෙන් මුල් වරට ප්‍රංශයට යන්නේ 1930 ඔක්‌තෝබර් 05 වැනිදාය. R 101 නමැති මෙය යානය ප්‍රංශයේ උතුරු කොටසේ පිහිටි බීවොයි නමැති ගම්මානයට ගිනිගෙන කඩා වැටෙයි. මංගල ගමනේ නියමුවා වූ පියසර ලුතිනන් කටිතෙල් අර්වින්, බ්‍රිතාන්‍යයේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්‍ෂ සෙෆ්ටන් බ්‍රැන්කර්ද සියලු මගීහුද ගුවන් යානා කාර්ය මණ්‌ඩලයද මේ අනතුරින් කැබලි වී මිය යති. අදාළ පාර්ශ්වවලට වන්දි ගෙවීමෙන් ඒ කතාව එතැනින් නිම කිරීමට බ්‍රිතාන්‍ය සිවිල් ගුවන් සේවා අධිකාරිය තීන්දු කරයි. ඊට දින දෙකකට පසු එනම් 1930 ඔක්‌තෝබර් 07 වැනිදා ලන්ඩනයේ ජාතික අධිමානසික පර්යේෂණාගාර රැස්‌වීමක්‌ කැඳවනු ලැබීය. භූතාත්ම සමග කතා කිරීමට හැකි අයලින් ගැරත් නමැති කාන්තාව හරහා ඊට ස්‌වල්ප කලකට පෙර මියගිය ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්ගේ භූතාත්මය සමඟ සාකච්ඡාවක යෙදීම ඔවුන්ගේ අරමුණයි. තමා කතා කරන්නට යන්නේ කා සමගද යන්න එහි එන තුරුත් අයලින් ගැරත් දැන සිටියේ නැත. මෙය බ්‍රිතාන්‍යයේ අධිමානසික පර්යේෂණ විද්‍යාගාරයේ සම්ප්‍රදායයකි. භූතාත්මය සමග කතා කිරීමට එන තැනැත්තා හෝ තැනැත්තිය කලින් සූදානම් වීම වැළැක්‌වීම සඳහා මෙය අනුගමනය ...

යතුරු පැදිය

1970 වර්ෂයේ අගභාගයේ දිනෙක මා මගේ මෑණියන් ඇවැස්ස නැන්දණිය සහ ඇයගේ බාල පුත්‍රයකු වූ සරත් ජයසුන්දර සමග එවකට හලාවත ‍පොලිසියේ උප ‍පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කළ සිරි ජයසුන්දර මහතා මුණගැසීමට එවකට මා භාවිත කළ මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථයෙන් ගොස් ආපසු එන ගමනේ දී මෙම අත්දැකීමට මුහුණපෑමට අපට සිදුවිය. අප හලාවතින් පිටත් වූයේ රාත්‍රී 7.00ට පමණය. මා මෝටර් රථය පැදවූ අතර සරත් අයියා ඉදිරිපස වම් පැත්තේ අසුනේ වාඩිවී සිටියේය. මගේ මෑණියන් හා නැන්දණිය පිටුපස අසුනේ වාඩි වී සිටියාය. අප මිනුවන්ගොඩට ළඟාවන විට රාත්‍රී එකොළ පසු වී තිබිණි. මිනුවන්ගොඩ සිට වේයන්ගොඩට දිවෙන ප්‍රධාන මාර්ගයේ යකහටුව ප්‍රදේශයට ළඟා වන විට මගේ මෑණියන් “පුතාට මහන්සි ඇති නේද ටිකක් ඉඳලා යමු නේදැ”යි පැවසූ බැවින් මම මෝටර් රථය අයින්කර නවතා විදුලි ලාම්පු ද නිවා එන්ජිම ද ක්‍රියාවිරහිත කළෙමි. දොර දෙකේ මොරිස් මයිනර් රථයක් වූ එහි ප්‍රධාන දොරවල් දෙකේම වීදුරු නොඋස්සා තිබුණු බැවින් අවට පරිසරය පැහැදිලිව දැකීමට හැකි විය. මා මෝටර් රථය නවතා තිබූ ස්ථානයේ සිට ඉදිරියට මාර්ගය පහළට බෑවුම් සහිත එකක් විය. අප සිටි ස්ථානයට දකුණුපස ඉදිරිපසින් වූ හිස් භූමියේ සු...

පාරාවෝ ශාපය

"ජීවත්වෙන අයට වඩා මියගිය අය ප්‍රබලයි" යන අදහස අනාදිමත් කාලයක පටන් පැරැන්නන්ගේ විශ්වාසය වූහ. ඔවුන් එසේ සඳහන් කරන්නේ මළගිය ප්‍රාණකාරයන් විසින් ජීවත්ව සිටින උදවිය වෙත විවිධ අන්දමින් බලපෑම් කිරීමට තිබෙන ඉඩ ප්‍රස්‌ථාවන් නිසාය. පැසිෆික්‌ සාගරයේ ෆොaක්‌ දූපතේ බන්ධනාගාරගතව සිටි මෙම තැනැත්තා අයිරිෂ් ජාතිකයෙකි. බානි ජුෆීමෙම දුපතේ සිරකරුවෙක්‌ව සිට කෙසේ හෝ සිරෙන් පැන වනාන්තරගත විය. මේ අවස්‌ථාවේදී මසුන් මරන්නට පැමිණි සොල්දාදුවන් දෙදෙනෙක්‌ බානිව දැක සිරෙන් පැන ගිය තැනැත්තා බැව් හඳුනා ගත්තේය. සිරෙන් පැන ගිය තැනැත්තන් වෙනුවෙන් එම කාලයේ දඬුවම වූයේ එල්ලා මරණයයි. තමා එල්ලා මැරුවොත් ඔහුගේ මරණය කුණු වීමටත් පෙරාතුව සොල්දාදුවන් මිය යන බැව් බානි කියා සිටියද, සොල්දාදුවන් සිතුවේ ඔහු මරු විකලෙන් දොඩවන දෙයක්‌ බවයි. නමුත් බානිගේ කියමන සනාථ කරමින් සොල්ලාදුවන් දෙදෙනාගේ දෙකඩ කරන ලද මළ සිරුරු මාර්ගයේ තිබී හමු විය. රොඩේසියාවේ දිස්‌ත්‍රික්‌ නිලධාරියා ලෙස සේවය කරන ලද ඒඩි්‍රයන් බෘක්‌ස්‌ ඡායාරූප ශිල්පියෙකි. ඔහු සේවය කරන ලද්දේ වෙම්බා ගෝත්‍රිකයන් වාසය කරන ලද ප්‍රදේශයක වූ අතර ඔවුන්ගේ අභිචාර විධි පිළිබඳව ඒඩියන්...

සිරිපා අඩවියේ නෑසූ කථා

සමනල අඩවිය හෙවත් ‘‘හිමේ’’ හා බැදුනු කතා අපමණය. මේවා අතර සිරිපා අඩවියේ යාබද ගම්වල වැසියන්ගේ ජීවිත හා බැදුනු ඒවා ද තිබේ. ඊට අමතරව සිරිපා වන්දනාවේ යන්නට ආ බැතිමතුන් මුහුණ දුන් ඒවාද තිබේ. එදා සිරිපා අඩවියට හෝ සිරිපා මළුවට කෙනෙක් යන්නට සිතුනොත් එය ආවාට ගියාට නොකරයි. ඇතැම් අවස්ථාවල පේවීම හෝ පිරිසිදුවීමකින් තොරව මේ භූමියට පිවිසිය යුතු නැති බව පැරැන්නෝ විශ්වාස කළහ. එයට හේතුව සිරිපා අඩවිය හෙවත් ‘‘සමනල අඩවිය’’ ඔවුන්ට ‘‘ශුද්ධ භූමියක්’’ වූ නිසාය. මේ ශූද්ධ භූමියට වන්දනාවේ ගිය බැතිමතුන් වගේම අවට ගම් වල ගම්වැසියන්ද ඉඳහිට මේ ‘‘ශුද්ධ භූමියේ’’ ඇති හාස්කම් අත් වින්දෝය. එවන් සිරිපා හිමේ සැඟවුණු අපූරු කතා කිහිපයක් අපි මෙසේ ඔබ වෙත තිලිණ කරන්නෙමු. කාලෙකට ඉස්සරදි පත්තිනි දේවාලයක කපු මහත්තයෙක් ගමේ කිහිප දෙනෙක් සමග දැන හැදුනුම්කම් පැවැත්තුවා. අවුරුද්දකට විතර පස්සේ මේ කපු මහත්තයාට ඕනෑ වුණා හිමේ ගරන්න යන්න. කපු මහත්තයා තව කිහිප දෙනෙක් එක්ක හිමේට ගිහිං වාඩි ගහගෙන උයාගෙන කාලා මැණික් ගරන්න පටන් අරගත්තා. එයා පත්තිනි දේවාලයක කපුවෙක් හින්දා වෙන්න ඇති සමන් දේව අඩවියේ අනුහස් ගැන වැඩි තැකීමක් කළේ නෑ. ගමේ අපිවත් හිම...

මිනිස්‌ වෙසින් සිටි මහසෝනා

 වැල්ලෙතොට පොඩ්ඩේ ගුරුන්නාන්සේ හෙවත් ලංකාආරච්චිගේ දයානන්ද  යකැදුරු පරම්පරාවකින් පැවත එන, දකුණු පළාතේ අද ඉතිරිව සිටින ප්‍රකට යකැදුරු මහතෙකි. යකැදුරු පරම්පරා 5 ක ගුරුහරුකම් ඇතිව යන්ත්‍ර මන්ත්‍ර යාගහෝම තොවිල් පවිල් හදි හූනියම් කටයුතු කරන ඔහු අත්දැකීම් බහුල යකැදුරකු මෙන්ම තොවිල් පවිල් මෙහෙයවන නැට්‌ටුවකු ලෙස පළාතේ ප්‍රකටය....... අපි ඔහු හමුවන්නට පසුගිය දිනක මාතර මාලිම්බඩ අකුරුගොඩ ප්‍රදේශයට ගියේ ගුරුකම්, යන්ත්‍ර, මන්ත්‍ර, තොවිල් පවිල්, හදි හූනියම් කටයුතු පිළිබඳ ඔහු තුළ ගොනු වී තිබෙන අත්දැකීම් සම්භාරයෙන් කොටසක්‌ සාකච්ඡා කරන්නටය...... ලංකාආරච්චිගේ දයානන්ද කීවාට අද ඔහුව කිසිවෙක්‌ හඳුනන්නේ නැත. ඔහු හමුවීමට නම් වැල්ලෙතොට පොඩ්ඩේ ගුරුනාන්සේ හෝ පොඩිමල්ලී කියා විමසිය යුතුය. අද ඔහු පදිංචිව සිටින්නේද වැල්ලෙතොට නොව, අකුරුගොඩය අකුරුගොඩ ගියත් ඔහුව හමුවීම අසීරු වන්නේ නිතරම ඔහු සිය කර්මාන්තයේ කටයුතුවලට රට පුරා සැරිසරමින් සිටින නිසාය. මේ දවස්‌වල වැඩ අඩු ඇති නේද.... මම කතාබහට ප්‍රවේශයක්‌ ගනිමින් විමසා සිටියේය. මම නම් එක දවසක්‌වත් නිකන් ගෙදරට වෙලා ඉඳලා නැහැ මතක ඇති කාලෙක. හැමදාම කාගේ හරි වැඩ...

ගිනිතපින හොල්මන

ඉස්‌සර කාලේ අපේ මුතුන් මිත්තන් සිරිපාද වන්දනාවේ ආවෙ ගියේ තුනුරුවන් ගුණ හදවතේ තුරුළු කරගෙන මහත් වූ භක්‌තියකිනි. වන්දනාවේ යැමට පෙරදි මාස ගණනක්‌ තිස්‌සේ ඔවුන් පේවෙනවා. පේවෙනව යනු මස්‌ මාළු ව්‍යාංජනවලින් වෙන්වී අවමඟුල් හා කිළිගෙවල්වල යැමෙන් වැළකී සිටිනවා. ඒ තරම්ම පරෙස්‌සම් වෙනවා. සමනොළ ගමනට සූදානම් වන උදවිය තමන් නුපුහුණු නුහුරු පරිසරයකට පිය නඟා ගිරිකුළු අතරින් යන ගමනේදී දැඩි ශීතලයෙන් මිදෙන්නට ඉඟුරු, මිරිස්‌ අග්ගල වැනි දේවල් සප්පායමට ගන්නවා. රුහුණෙන්, රජරටින් සිරිපා වන්දනාවේ ආපු උදවියට මාසයක්‌ පමණ පා ගමනින් එන ඒ ගමනට කල්ගත වෙනවා. එනමුත් දියුණුවන ලෝකයේ අද සිරිපා වන්දනාව එක දවසකින් නිම කරන්න පුළුවන්. ඒ තරමටම පහසුකම් සපයා තිබෙනවා. එහෙත් අද බොහෝ දෙනා පුරුදුව ඇත්තේ සිරිපාද ගමනට අවශ්‍යම දෙයක්‌ ලෙස සලකන්නේ මත්පැන් හා එයට අවශ්‍ය දේවල් සපයා ගැනීමටත්ය. එවන් කුළුඳුල් මත්පැන් බීමකට යොමු වූ තරුණයෙකුට තමන්ට දාව මෙලොව එළිය දකින්ට පෙරුම් පුරාගෙන ආ දරුවත් ගැබ්බර ගත් බිරිඳත් අහිමි වී ගිය දුක්‌බර කථාවකි මේ. දියේ ගිලී මියගිය ඇයගේ අවසන් හුස්‌ම පොද සිරිපා බිමේ වා තලයට මුසු වී බොහෝ දෙනා බියට පත් කළ හොල්මන් අවත...

ආගන්තුක හිමි නම

සත්‍ය අත්දැකීමක්  -------------------------------- මෙම සිදුවීම උනේ 2009 වසරේ දිනකය.  එදින  සාමාන්‍ය පරිදි දිනය නිමාකර තරමක විවේකයක්ද ගෙන මා පන්සලට පියනැගුවේ පරිවේනාධිපති හිමියන් හමුවීමට අවශ්‍යව තිබූ හෙයිනි. පන්සල් ගේට්ටුවෙන් ඇතුලු වනවාත් සමඟ දැකගත හැකි ඌයේ නිසසල පරිසරයයි. ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකල මා පරිවෙනාධිපති හිමියන්ගෙන්ගේ කුටියට පිවිසීමි. එම අවස්ථාවේ යම් කාර්‍යක නියතව සිටි හිමියන් " .. බුලත් විටක් කමුද? " යැයි යෝජනා කලේය. මමද එයට එකඟත්වය දක්වා බුලත් ඇතුලු අනෙකුත් දැ ගැන විපරම් කිරීමේදී පෙනීගියේ බුලත් හැර අනෙකුත් සියල්ල ඇති බවකි. මේ බව මා හිමියන්ට ප්‍රකාශකල විට " එහෙනම් බෝධියෙ වත් බලන්න " යයි ප්‍රකාශකර සිටියා. එවිට වේලාව රෑ හත හමාරත් අටත් අතර වන්නට ඇති . මා සැනින් එම කුටියෙන් නික්ම තරප්පුව බැස මිදුලට පැමිනියා. බෝධියට යාමට ධර්මශාලාව වටා යා යුතුය. මා සිටින ස්ථානයෙන් එක එල්ලේ ප්‍රතිවිරුද්ධ කෙලවර වහාම පිහිටා ඇත්තේ බෝධියයි. පන්සලේවෙනදා මෙන් සියලු විදුලි පහන් දල්වා තිබුනා. මම සෙමෙන් බොධියට ගමන් කරමින් සිටින අතර  නිකමට ධර්මශාලාව දෙස බැලුවා.  කුඩා හි...

මලවුන්ගෙන් ඉගෙනීම

අවතාර වෙතින් සංගීතය උගත් රෝස්‌මරී බ්‍රවුන් 1960 ගණන්වලදී ලන්ඩනයේ දකුණු දිග ප්‍රදේශයේ ජීවත් වූ ඇය 1964 එක්‌ සවස්‌ යාමයක සිය පැරැණි පියානෝව ඉදිරිපිට හිඳගෙන සරල ගීතයක තනුවක්‌ වාදනය කරන්නට පටන් ගත්තාය. ඇය මේ පියානෝව ගත්තේ පරණ බඩු විකුණන තැනකිනි. ඇය සංගීතය ඉගෙන ගන්නට පටන් ගත්තේ ද අලුතය. එදා ඇය පියානෝවට අත් තබන විට එම අත් පාවෙන්නට පටන් ගත්තාක්‌ මෙන් ඇයට දැනිණි. ඊළඟට ඇය ජීවිතයේ කිසි කලෙකත් වාදනය නොකළ සංගීත සංධ්වනියක කොටසක්‌ තමන්ටත් නොදැනීම වාදනය කරන්නට පටන් ගත්තාය. තමා අසල කවුදෝ සිටගෙන සිටින බවක්‌ ඇයට දැනුණි. ඇය හිස හරවා බැලුවාය. එතැන සිටියේ 1886 දී මියගිය හංගේරියානු සංගීතඥ ෆ්‍රාන්ස්‌ ලිස්‌ට්‌ ය. යුරෝපයේ රොමෑන්ටික සංගීත කලාවේ පුරෝගාමියකු වන ඔහු ඇය ඉදිරිපිට සිටියේ තරුණයකු ලෙස ය. තමා හත් හැවිරිදි වියේදීත් මේ තරුණයා එක්‌තරා දිනෙක තමා ඉදිරිපිට ප්‍රාදූර්භූත වී නොපෙනී ගිය අයුරු ඇයට මතක්‌ විය. මේ තරුණයා ෆ්‍රාන්ස්‌ ලිස්‌ට්‌ බව ඇය දැන සිටියේ නැත. ඒ ඔහු බව ඇගේ හිත ඇයට කියනු ඇයට ඇසිණි. එදා සිට දිගු කලක්‌ යනතුරු ෆ්‍රාන්ස්‌ ලිස්‌ට්‌ගේ අවතාරය රෝස්‌මරී බ්‍රවුන්ට සංගීතය කියා දුන්නේය. ඔහුගේ සංගීත සංධ්ව...

මහසෝන් සමයම

ලංකාවේ පවත්නා අභිචාරාත්මක ප්‍රතිකාර විවිධ වූ ආකාරයට භාවිත වේ. අභිචාර යනුවෙන් හඳුන්වනුයේ අධිභෞතික තත්ත්වයන් පිළිබඳව මිනිසා තුළ ඇති විශ්වාසයන්ය. පවත්නා විශ්වාසයන් අනුව කරන මෙම අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රමය අතීතයේදී භාවිත වූ ප්‍රධාන රෝග නිවාරණ ක්‍රමයකි. තම සංස්‌කෘතික චර්යාවට අනුව රෝග මූලය හඳුනාගත් පසු මිනිසුන් ඒ හා සම්බන්ධ ප්‍රතිකාර ක්‍රමයන්ට යොමු වෙති. මෙම අභිචාරාත්මක ප්‍රතිකාර ක්‍රම අතීතයේදී බහුලව භාවිත වුවත් නවීන විද්‍යාවේ දියුණුවත් සමග ටිකින් ටික මිනිසා තුළින් ගිලිහෙමින් පවතී. එය එසේ සිදු වුවද අද ද එම ප්‍රතිකාර ක්‍රමවල පිහිට පතන බොහෝ පිරිස්‌ ගම්බද ප්‍රදේශයන් තුළ දැකිය හැකිය. රෝගී අවස්‌ථාවකදී බටහිර වෛද්‍ය ක්‍රමවල පිහිට පතන පුද්ගලයන් එයින් සුවයක්‌ නොලද අවස්‌ථාවලදී පසුව ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයන්ට මාරු වීම් එයිනුත් සුවයක්‌ නොලද අවස්‌ථාවලදී රෝග මූලය අධිස්‌වාභාවික තත්ත්වයක්‌ බව වටහා ගෙන අංජනම් බැලීම, ජ්‍යෝතිෂ්‍යයේ පිහිට පැතීම මගින් ද රෝග මූලය තහවුරු කර ගනිති. මිනිසුන්ව රෝගී කරවීමේ හැකියාව යක්‍ෂයන්ට ඇති අතර ඔවුන් යක්‍ෂ සේනාධිපති වෙසමුනිගෙන් වරම් ගෙන ඇත. එසේ වෙසමුනිගෙන් වරම්ගෙන මිනිසු...