Skip to main content

Posts

Showing posts from April, 2020

සුසානයේදී මියගිය ඇදුරා

මුදලිහාමි පළාතම නම ගිය ගුප්ත ආචාර්යවරයෙකි. තෙල් පිරිත් කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ඇප නූල් බැඳීම, බලි තොවිල් ඔහු ඉගෙන ගත්තේ ඉතාම දක්‍ෂ ඇදුරෙකුගෙනි. ඔහු අවුරුදු හතළිහකට කිට්‌ටුය. උසය. උසට සරිලන මහත ඇත. ඇඟ කාල වර්ණය. පිට මැදට දිග ඇති කොණ්‌ඩය ඔහු උඩට කර ගැටගසා ගනියි. ගෙදරට හා ළඟ ගමන් බිමන්වලට ඔහු ඇන්දේ සරමකි. අත් දිග මේස්‌ බැනියමකි. ඈත වැදගත් ගමනක්‌ යන විට රෙද්දක්‌ හැඳ හවඩිය බඳී. මේස්‌ බැනියම උඩට කබායක්‌ පළදී. ඉතා අසීරු බලි තොවිල්වලට ඔහු ඈත පළාත්වල ද යයි, එයි. එහිදී ඔහුගේ ආවතේව වැඩවලට බයක්‌ සැකක්‌ ගෑවී නැති ගෝලයන් දෙදෙනෙක්‌ එක්‌ව යයි. මෙවර මුදලි හාමිට බලගතු තොවිලයක්‌ සඳහා ගමට අල්ලපු ගමෙන් ආරාධනා ලැබුණේය.    ඔහු හමුවීමට ආ අයට සූදානම් කර තැබිය යුතු ද්‍රව්‍ය ලැයිස්‌තුවක්‌ උපදෙස්‌ හා අය කරන මුදල ද විස්‌තර කර දුන්නේය. ඒ ආ අය ඔහුගේ මුදල ගෙවීමට පොරොන්දුව පිටත් වූහ. මුදලිහාමි ඔහුගේ සහයකින් දෙදෙනාට ද දිනය හා ගමන ගැන කල්වේලා ඇතුව දැනුම් දුන්නේය. ඒ ගමන සූදානම් වීම සඳහාය.    "මේක බොහොම පරිස්‌සමෙන් කරන්න ඕනෑ තොවිලයක්‌. අපි කවුද කියලා ඒ ගමේ අය ඔක්‌කොම අඳුරනවා. අනෙක සොහොන් පිට්‌ටනිය ති...